පෝටර්ගේ ආගමනය 10

10 වෙනි කොට​ස



මෙහෙමයි ඇල්බස් අතිතය උපද්දවනවා කියන එකට කලින් ඔයා දැනගන්න ඔනේ දෙය්ක් තියනවා!පිටර් අද යශ්ටි ඉතිහාසය කියවනකොට හොයා ගත්ත දේ තමයි එල්ඩර් යශ්ටියේ අයිතිකාරයා ඒක කඩලා විනාශ කලොත් ඒකෙන් කියවෙන්නෙ යශ්ටියට අයිතිකාරයෙක් නැති උණා කියන එක!!එල්ඩර් යශ්ටිය කියන්නෙ ගොඩක් ප්‍රදාන මායාකරුවන් විසින් පාලනය කරපු විශිෂ්ඨ යශ්ටියක් ඒකට තනිවම යම් තාක් දුරට මයාවන් කරන්න හැකියාවක් තියනවා ඒ කියන්නෙ එල්ඩර් යශ්ටිය නැවතත් කොහේ හරිම හොදින් තියනවා කියන එක ඒ කියන්නෙ අතීතය යම් තාක් දුරකට වෙනස් වීගෙන එනවා කියන එක!!රෝස් ඇල්බස් දෙස බලමින් කරුණූ පැහැදිලිකර දු අතර පීටර් ද හිස වනමින් එවාට තමා එකග බව පෙන්වන්නට විය!


හොදයි ඒත් මේ දේවල් කාටද කරන්න ඔනේ මහාචාර්යඩියැග්‍රොරිට ද ?ඇල්බස් රෝස්ගෙන් සහ පීටර්ගෙන් ඇසීය

නෑ මම හිතන් නෑ ඇල්බස් මන් හිතන්නෙ දිනපොත විනාශ කරල තියෙන්නෙ මොකක් හරි හේතුවකට මම හිහන්නෙ අපි  ඒක ගැන තමයි ඊලගට හොයන්න ඔනේ ! 

සමහරවිට වෝල්ඩමෝට් කියන්නෙ නරක කෙනෙක් හින්දා එයාගෙ දිනපොතත් විනාශ කලාද දන්නෙ නෑ

 නැ පීටර් එහෙම නම් ඒ පොත පුස්තකාලෙ මායා ඉතිහාසෙ කොටසේ තැන්පත් කරන්න තිබ්බා !මේක විනාශ කලා කියන්නෙ ඒකෙ මොකක් හරි සම්බන්දයක් තියනව මන් හිතන්නෙ මට ඒක හොයාගන්න පුලුවන් වෙයි දැනටමත් මම තුන්වෙනි වසරේ අදුරු මායාකර්ම පොත් ජියවන ගමන් ඉන්නෙ සමහර දේවල් නම් එච්චර පැහැදිලි නෑ මට!

ඒත් සමගම ඈතින් සිසුන් දෙදෙනෙකු දුව ආ අතර එක් අයෙක් ස්කෝපියස් මැල්ෆොයි බව හදුනාගන්නට හැකිවිය! අනෙකා ඇල්බස්ට හොදින් හුරුපුරුදු අයෙකි නමුත් එකවර අදුනා ගැනීමට නොහැකිවිය !!

මැල්ෆොයි කලබලයෙන් මෙන් කිසිදිනෙකවත් නැතුව ඇල්බස් සමග කතා කරන්නට විය

ඇල්බස් ඔයාට මහාචාර්ය නෙවිල් එන්න කිවුවා!යැයි පවසමින් කලබලයෙන් ඔවුන් පසු කරමින් දුවන්නට විය!

එයාලට මොකද වෙලා තියෙන්නෙ !අනික මේ වෙලාව ප්‍රදානාචාර්යතුමාගෙ කාමරේ පැත්තෙ ඉදන් එන්න හේතුවක් නෑනෙ එයාලට !රෝස් සැකමුසු බැල්මෙන් යුතුව ඇසිය 

සමහරවිට මොකක් හරි මෝඩ තකතීරු වැඩක් කරලා අහු වෙන්නතී! පීටර් සහ ඇල්බස් එකවරම එකම දේ පැවසූ අතර රෝස් ද එය අනුමත කරන්නට විය!

ඒත් මට අනිත් කෙනා දැකලා පුරුදුයි මන් මේ කල්පනා කලේ ඒ හැඩරුව තියන කවුද මම මීට කලින් දැක්කෙ කියලා! යැයි ඇල්බස් පැවසු අතර ඒත් සමගම ක්ව්ඩ්ච් ලෝගුව පැලදගත් අයෙක් පැම්නෙන්ට වූ අතර ඒ ෆ්ලැමෙල් බව අදුනගන්නට හැකි විය!


ආ පෝටර් !උදේම එන්න හෙට අපි ඔයාව පුරුදු කරන්න ගන්න ඔනේ ලබන වාරෙ තියන ක්විඩ්ච් කන්ඩායම් තරග වලට !යැයි පවසමින් ඔහු කොරිඩෝව දිගේ ඉදිරියට ගොස් නේවාසිකාරග්‍ය වෙතට පියමනිනතුරුම ඇල්බස් රෝස් සහ පීටර් කිසිවක් නොකිය සිටියේය!

අන්දකාරය හොග්වර්ඩ්ස් මැදුර ගිලගනිමින් සිටි අතර මේ මොහොතේ අනිවාර්යෙන්ම පලමු වසරෙ සිසුන් සිටිය යුත්තේ තම නේවාසිකාගාරයේය නමුත් ඇල්බස් රොස් හෝ පීටර්  එම  නීතිය ගැන කිසිම තැකීමක් නොකලේය !

ඒත් සමගම ග්‍රිෆ්න්ඩෝ පලමු වසරේ සිසුවෙකු වු ජින් වේගයෙන් දිව ආ අතර ඇල්බස් මන් හිතන්නෙ අපි යන්න ඔනේ හොග්වර්ඩ්ස් වලට මොකක් හරි ප්‍රශ්නයක් මට ඇහුණා මහාචාර්ය හැග්‍රිඩ් කියනවා ඩියැග්‍රොරි එක්ක !මොනවා හරි දෙයක් නැති වෙලා මහාචාර්ය හැග්‍රිඩ් ගොඩක් තරහෙන් ඉන්නෙ මන් දැක්කා තව පොඩ්ඩෙන් මාව අහු වෙනවා!!ජින් එක දිගට කියාගෙන ගිය අතර 

ඔයාලා යන්න නේවසිකාගාරෙට මම එන්නම් මහාචාර්ය නෙවිල්ව හම්බෙලා!! 

හොදයි ඇල්බස් ඉක්මණට එන්න හැබැයි ඕක ස්කෝපියස්ගෙ බොරුවක් නම් මම හොද වැඩක් කරනවා එයාට යැයි රෝස් පැවසුවේ නේවාසිකාගාරය දෙසට යැමට සැරසිමෙනි!!

අපි යමු ජින් ඇල්බස් එයි ඉකමනට යැයි පීටර් පැවසුවේ ජින් ගේ කරට අතක් දාන ගමන්‍ ය!

ඇල්බස් තනිවම කොරිඩොව දිගේ මහාචාර්ය නෙවිල්ගේ කාමරය වෙතට පියමනින්නට විය අන්දකාරය හොග්වඩ්ස් මැදුර ගිලගෙන තිබුනු අතර එක්වරම ඔහුට වේදනාත්මක හඩ ඇසෙන්නට විය!!

පෝටර්   !!! උබ ඒක නැති කරගත්තා!! පෝටර් !මන් කිවුව වෙලේ ඇයි ඉල්ල ගත්තේ නැත්තේ පෝටර්!මම උඹව මරනවා!!!!!පවුලම විනාශ කරනව උබේ පෝටර්!!!!


ඔහු එ සමගම හොග්වර්ඩ්ස් මැදුරෙ බිත්තියකට අත තාබාගෙන සිටි අතර දැඩ් තෙහෙට්ටුවක් සහ වෙදනාවක් ඔහුට දැනෙන්නට විය එත් සමගම ඔහු කවුරුන්හෝ කෙනෙක් ඔහු ලගට එනවා දුටු අතර අදුර නිසා ඒ කවුරුන්ද යැයි නිශ්චිතව වටහා ඝැනීමට නොහැකි විය නමුත් ඔහු ලගට එනවාත් සමග ඔහුගෙ යශ්ටිය ආලොකමත් කර ඇල්බස් ගේ මුහුණට ළං කරන්නට විය!ඒ සිටියේය නෙවිල් මහාචාර්යතුමා බව දුටු ඇල්බස්ගෙ සිතට යම් සහනයක් දැනුනු අතර ඔහු තවත් ඇල්බස්ගෙ දෑස් දෙසට යශ්ටි ආලොකය හොවාගෙන සිටින්නට වූයෙ පලමු වරට ඇල්බස් දුටු ආකරයකි​නි 

ඇල්බස් සෙවර්ස් පෝටර් අවුරුදු දහනමයකට පස්සෙ මම ඔයා ඇතුළෙන් දකින්නෙ හැරීව !! දෙවියනේ ඔයාගෙ ඇස් එවා තනිකරම ඔයාගෙ ආච්චි ලිලීගෙ වගේ!!!නෑ එක අතකට එවා දැන් අයිති හැරීටනෙ!!!නෙවිල් තමාගෙ සිතෙහි තිබු දේ ඇල්බස් හට පවසන්නට විය!

ප්‍රොෆෙසර් නෙවිල් මට දැන ගන්න පුලුවන්ද මගෙ තාත්තා හොග්වර්ට්ස් වල ඉද්දී කරපු දේවල්??හොද දේවල් නම් සේරම මම දන්නවා එයා සීකර් උන හැටී ග්‍රිෆන්ඩෝ කඩුව එයාට හම්බුණ විදිය ඒත් මට අවසන් සටන ගැන කිසිම දෙයක් මගේ තාත්තා කියලා නෑ!!!!ඇල්බස් වේදනාව මගහැරීමට උත්සහ දරමින් ප්‍රශ්නය යොමු කලේ කිසිම ආකරයක හෝ පිලිතුරක් බලාපොරොත්තුවෙනි!

අවසන් සටන ආ ම්ම්ම්…..ඒක ඒක……ඒක මේ ඒක ……පෝටර් මන් හිතන්නෙ දැන් ඔයා ඉන්න ඔනේ නේවාසිකාගාරෙ මොකද මේක අපට කතා කර කර ඉන්න හොද වෙලාවක් නෙමෙයි!!!!

මහාචාර්ය නෙවිල් ඒත් මම ඔයාගෙන් ????

පෝටර් නිවාසෙ ලකුණු ගැන ඔයා සැලකිලිමත් වෙනවා නම් දැන්ම මෙතනින් යන්න!!!!

හරි මහචාර්යතුමා!!නමුත් ඔබ මට හමුවෙන්න එන්න කියා පැවසු නිසයි මම ආවෙ ??

මොකක් මම ?? ඔයා ඒ පාර මාවත් ගාවගන්න හදනවද පෝටර්! මම මොකටද ඔයාට මේ වෙලෙ හම්බෙන්න එන්න කියන්නෙ කවුද ඔයාට එහෙම දෙයක් කිවුවෙ!

ආ…ම්ම් මන් හිතන්නෙ පීටර් එයාගෙ චොකලට් තනියම කන්න ඔනේවට කියපු බොරුවක් වෙන්නති මහාචාර්යතුමනි මට සමාවෙන්න !සුභ රාත්‍රියක් ඔබට!


ඇල්බස් මහාචාර්ය නෙවිල්ගෙන් සමුගෙන නැවතත් නේවාසිකාගාරය දෙසට පැමිනෙන්නට වූ අතර ඔහු මහාචාර්ය ඩියැග්‍රොරිගේ කාමරය පසු කරනවාත් සමගම ඔහුට ක්සියම් කටහඩක් ඇසෙන්නට විය ඔහු ඒ දෙසට සවන් යොමු කල අතර ඒ සිටින්නෙ හැග්‍රිඩ් ම්හාචාර්යතුමා බව ඔහුට කටහඩින් අදුනගන්නට පිලිවන් විය!

ඩියැග්‍රොරි මම ඔයාට කියලා තිබ්බා මෙක පරිස්සන් කරගන්න නම් අනිවාරෙන්ම අපි මේ ගැන පෝටර්ට කියන්න ඔනේ!!

නැ හැග්‍රිඩ් මම ඔහුව යම්තාක් දුරකට භය කලා එ වගේම ග්‍රේන්ජර්වත් ඔවුන් තාම පොඩි ලමයි !මම මෙ දෙ කලේ ඔබ කිවුව නිසා කෙටියෙන්ම මම පෝටර් මහත්තයට ගොඩක් ගෞරව කරනවා !මම දන්නවා ඔහුගෙ පව්ලෙ අයට මගෙ පවුලෙ අය  අතර වැඩි හිත හොදක් නෑ කියලා ඒත් මම විශ්වාස කරනවා පෝටර් පවුල කවදාවත් අනිත් අයට හානියක් කරන්නෙ නැහැ!!!! මට විශ්වාසයි හැග්‍රිඩ් ඔවුන් ප්‍රහාරය ගැනවත් අතීත වාක්‍ය ගැනවත් කිසි දෙයක් දන්නෙ නැහැ!ඔවුන් එහෙම දන්නවා නම් මට ඒ වෙලේ කුමක් ම හරි දෙයක් කියලා බනිනවා!මට හිතෙන්නෙ හැග්‍රිඩ් අපි තමයි වැරද්ද කරගත්තෙ මන් හිතන්නෙ දැන් ඔවුන් ඒ ගැන හොයනවා අපට තිබ්බෙ මේක ගැන පෝටර් මහත්තයට බස්සෙක් යවන්න!

ඩියැග්‍රොරි මට හිතෙන්නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා ඩම්බල්ඩෝ තුමා මායගල විනාශ කරද්දි මට තෙරෙන් නැත්තෙ ඇයි එහෙම දෙයක් උනේ කියලා!ඩම්බල්ඩෝර් කියන්නෙ හැමදෙයක් ගැනම මනාව හිතලා තීරණ ගන්න කෙනෙක් එයාගෙන එහෙම වැරැද්දක් වෙන්න බැ ඩියැග්‍රොරි එ මොනව උනත් කවුරු හරි කේනෙක් ටොම්ගෙ දිනපොත මගෙ කාමරෙන් අරන් තව දෙයක් කාට හරි උවමනා වෙලා තියනවා ඩියැග්‍රොරි ඇල්බස් ලවා අතීතය උපද්දවන්න !! හැග්‍රිඩ් ගේ කටහඩ ඒත් සමගම නැවතුණු අතර ඔහු ඩියැග්‍රොරිගේ කාමරයෙන් එලියට එන්නට සැරෙසන බවක් තෙරුම් වූ නිසා ඇල්බස් එතනින් වහාම ඉවත් වී ගිය අතර නෙවාසිකාගාරයට ඔහු යනවිටත් පීටර් ජින් සහ තවත් පලමු වසරෙ සිසුන් නෙවාසිකාගරය තුල සිටියේය!

ඕහ් ඇල්බස් ඔයත් එනවාද අපි එක්ක ඊලග මායාලෝකේ වීරයා හොයන තරගෙට !මේක කියලා දුන්නෙ පීටර් !ඒක සාමන්‍ය ලොකේ තියන ප්‍රසිද්ද සෙල්ලමක්ලු ඔයාට කියන්නෙ තියෙන්නෙ මේ යශ්ටිය කැරකිලා යශ්නටි හිස නවතින පැත්ත මොකක්ද කියලා හරියටම කියන්න එහෙම කියන්න පුලුවන් උනොත් ඔයා තමයි අනිවාර්යෙන්ම ඊලග දක්ශම මායකාරයා! පලමු වසරෙ සිටි තරබාරු ශරීරයකට හිම්කම් කියූ ජැස්පර් ඇල්බස්ගේ ඇගට ගොඩවිය!

හොදයි බලමු උත්සහ කරලා!යැයි ඇල්බස් ද ඔවුන්ට එක්වෙමින් පැවසු අතර පීටර් සිනාසෙමින් මේසය මත තිබු යශ්ටිය කරකවන්නට ව්ය!

ඇල්බස් කියන්න උතුර කියලා ඇල්බස් කියන්න උතුර කියලා මට විස්වාසයි ඕක අනිවාරෙන්ම උතුර 

කට වහගෙන එයාට හිතන්න දෙනවා ජින් ! හැමවේලේම කෑ ගහනවා ඔයාඅගෙ ඔය විකාර හන්දා තමයි මමත් දෙපාරක්ම පරාද උනේ !ජැස්පර් තරහෙන් පුපුරමින් ජින් හට පැවසීය !

ඒ අතර පීටර් ඇස් වලින් ඉගි කර දකුණු දිසාව පෙන්වීය !

ඇල්බස් එය විස්වාශ කරමින් දකුණු දිශාව යැයි පැවසූවේ යශ්ටිය නැවතීමට ඔන්න මෙන්න තිබියදිය යශ්ටි හිස දකුණූ දිශාව දෙසට හැරී නැවතුණූ අතර ඇල්බස් ද එය දැක පුදුම වූ අතර සියලු සිසුන් ඇල්බස්ට සුභ පතන්නට වූ අතර 

අනාගත ශේස්ඨ මායාකර තුමනී ඔබ මගේ යහලුවෙක් වීම මට ආඩම්බරයක් ඔබට සුභ පැතුම් යැයි ජැස්පර් ඇල්බස්ට ආචාර කරමින් පැවසූ අතර ඇල්බස් ඔහුටද ප්‍රති ආචාර කරන ලදි !!ඔවුන් ඒ සමගම තම ඇදවල් කරා යන්නට විය!

කොහොමද එහෙම උනේ පීටර් ඔයා කොහොමද දන්නෙ හරියටම ඒක නවතින්නෙ දකුණු දිශාවෙන් කියලා !ඇළ්බස් පුදුමයෙන් පීටර්ගෙන් ඇසුවේ ඔහු නිසා තමා මේ තරගය දිනු නිසාවෙනි!

ආ ඒක ගොඩක් සරල දෙයක් ඒ වගේම ටිකක් මෝඩ තර්කයක් ඇල්බස් මම යශ්ටිය කැරකෙව්වෙ උතුරු දිශාවට හරවලා තියෙද්දි ඉතිං මම හිතුවා ඒක ඊට විරුද්ද පැත්තෙන් නවතී කියලා මොකද ගොඩක් වෙලාවට තනියම ඉද්දිත් ඔය සෙල්ලම කරනවා!අපි සාමන්‍ය ලොකේදි නම් ඕකට යොදාගත්තෙ කොටු කැල්ලක්!!මම හිතුවා ඒ ව්ලේත් ඒක විරුද්ද පැත්තෙන් නවතී කියලා!අපි දැන් නිදාගමු ඇල්බස් ඔයාට හෙට උදේ ක්විඩ්ච් පුහුණුව අනික හෙට දවසම කිසිම විශයක් උගන්වන්නෙ නැහැ හෙට දවසම අපිට කැමැති විදියකට ඉන්න පුලුවන්!!!


ඒ සමගම තමාට ඇසුණු ඩියැග්‍රොරිගේ සහ හැග්‍රිඩ්ගේ සංවාදය පීටර් හට පැවසීමට සිතුණද එය  පැවසීමට දැන් වෙලාවක් නොවන බවත් හෙට දවස ඇතුලත මේ දේවල් විසදාගන්නවා යැයි සිතා ඇල්බස් දෑස් පියාගන්නට විය!

 උදෑසනම ඇල්බස් ක්ව්ඩ්ච් ක්‍රීඩාව සදාහා පුහුණු විමට පිටත් වූ අතර ඒ වන විටද පීටර් හොද නින්දෙ සිටි නිසා ඔහුට එය දැනුවත් නොකරම ඇල්බස් ක්‍රිඩාපිටියට පිටත් විය!

ඒ යන අතරමග ඔහුට මහාචාර්ය බීරී මුණගැසුන අතර ඔහු ඉතා කලබල්‍යෙන් යුතුව ක්‍රීඩාකාර දිශාවෙ සිට පැමිනෙන්නට විය !

සුභ උදෑසනක් බීරී මහාචාර්යතුමනී

ආ ආ සුභ උදෑසනක් පෝටර් සුබ උදෑසනක් ඔහු ඉතා වේගයෙන් ඇල්බස්ගෙන් සමුගත් අතර ඔහු එලෙස කලබලයෙන් භියෙන් සිටින්නෙ ඇයිදැයි ඇල්බස්ට ඔහුගෙන් අසන්නට සිතුණද  ක්විඩ්ච් පුහුණුව සදහා පිට්ටනියට යන පලමු දවසේම පරක්කු නොවී යාමට ඔහු අකමැති විය!


ඇල්බස් ක්‍රීඩාගාරයට යන විටද ක්‍රිඩාගාරයෙ ෆ්ලැමෙල් සිටි අතර ඔහු යම් දෙයක් පිලිබදව ගැබුරින් කල්පනා කමින් සිටි බවක් ඇල්බස්ට තේරුම් විය!

සුභ උදෑසනක් ෆ්ලැමෙල් කෝ අනිත් අය !ඔහු ෆ්ලැමෙල්ගෙන් විමසන්නට වූයේ අනෙක් කිසිවෙක් ක්‍රිඩාගාරයෙ නොසිටි නිසාවෙනි!

ආ සුභ උදෑසනක් පෝටර් අද පුහුණුව නැහැනෙ ලොංබොටම් මහාචාර්යතුමා ලබන සතියට එය කල් දැම්මා අද කිසිම දෙයක් නැහැ හොග්වර්ඩ්ස් නිදහස් දිනයක් සිසුන්ට මම හිතුවෙ ඔබ ඒක ගැන දන්නව ඇති කියලා!!

ඒත් !මං හිතුවෙ ඔබ ඊයේ හවසත් මට හමු උන නිසා අනිවාරෙන්ම අද තියෙයි කියලා කමක් නෑ මම යන්නම් ෆ්ලැමෙල් !

හරි පෝටර් පරිස්සමෙන් යන්න!සමහරවිට ඔයා දැනගන්න ඔනේ ගොඩක් දේවල් ඔය වගේම ඔයාගෙන් වහන් වෙලා තියෙන්න පුලුවන් බලාගෙන!යැයි ෆ්ලැමෙල් සිනාසෙමින් පැවසුවෙය

ඇල්බස් ද එයට සිනාවෙමින් එතනින් ඉවත් වූ අතර ඔහුට එහි අමුත්තක් තේරෙන්නට විය!

නැවතත් ඇල්බස් සෙමෙන් සෙමෙන් නෙවාසිකාගාරයට පියමනින්නට වූ අතර ඔහුගේ සිතේ තවමත් මහාචාර්ය බීරී සහ ක්ව්ඩ්ච් පුහුණුව නොමැතිව කුමන හේතුවකට ෆ්ලැමෙල් ක්‍රිඩාගාරයට පැමිනියාදැයි සිතට වදදෙන්නට විය !!


ඔහු නේවාසිකාගාරයට යන අතරතුරම ඔහුට රෝස් සහ පීටර් මුණ ගැසුන අතර.,

මොකද ගිය ගමන්ම එයාලා ඔයාට පුහුණු කරන්න දෙයක් නැ කියලා ආයිත් එව්වද???යැයි පීටර් සිනාසෙමින් ඇසුවේය

නෑ අද පුහුණුවීම් නැහැලු අද හොග්වර්ඩ්ස් වලට නිදහස් දවසක් හන්දා !

ඒත් ඊයෙ අපට එහෙම දෙයක් කිවුවෙ නෑනෙ ෆ්ලැමෙල් !එයා ඊයෙ හවසත් ඔයාට කිවුවෙ අද උදේ එන්න කියලා !රෝස් පැවසීය

මෙයාට එහෙම කියලා මිනිහා හොදට නිදි ඇති පීටර් නැවතත් ඇල්බස් දෙස බලා පැවසීය!

නෑ ෆ්ලැමෙල් ක්‍රීඩාපිටියෙ සිටියා ඒ විතරක් නෙමෙයි මහාචාර්ය බීරිවත් මට හමු උනා!මන් හිතන්නෙ ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවෙලා මොකක් හරි දේකට !යැයි ඇල්බස් ඔහු දුටු සියල්ල විස්තර කරන්නට විය!

අනේ මන්දා ඇල්බස් ඩියැග්‍රොරි  කරදර කරනවද නැත්නම් මහාචාර්ය බීරී මොකක් හරි සැලසුම් කරනවද කියලා රෝස් ඔවුන් දෙදෙනා දෙස බලා සැකමුතු බැල්මෙන් පැවසීය

ඩියැග්‍රොරි අපට තර්ජනය කලේ මහාචාර්ය හැග්‍රිඩ් කියපු නිසා රෝස් මට ඇහුණ ඔවුන් දෙන්නා ඊයෙ කතා කරනවා මම මහාචාර්ය නෙවිල් හම්බෙන්න ගිය වෙලේ තව දෙයක් ස්කෝපියස් මට කියලා තියෙන්නෙ බොරු මහාචාර්යතුමා මට කතා කරලා නැහැ!

එ කියන්නෙ ඔවුන් වෙන මොකක් හරි දේයක් කරලා අපෙන් ඒක වහගන්න අපේ අවද්හානය වෙන පැත්තකට යොමුන්කරලා කෝහොම උනත් ඊයෙ ස්කොපියස් එක්ක හිටියේ පලමු ශේණියෙ කෙනෙක් නෙමෙයි! ඔහු අනිවාරෙන්ම ස්ලිදරීන් නිවාසෙ තුන්වන හෝ හතරවෙනි ශේනියක සිසුවෙක්! මට ඒක නම් විශ්වාසයි යැයි පීටර් පැවසීය!

ඔව් වෙන්න පුලුවන් ඒත් මන් ඔයාලට පුදුම හිතෙන දෙයක් හොයාගත්තා!අවසන් සටන ගැන වෝල්ඩමෝට් ගැන වෝල්ඩමෝට්ගෙ හොක්‍රස් ගැන !මම හිතන්නෙ තව එක ක්‍රම්‍යක් තියනවා එයාට !හැමෝම හිතන් ඉන්නෙ හොක්‍රස් අටම විනාශ කලා කියලා ඒත් වෝල්ඩමෝට් ඊට වඩා ටිකක් බුද්ද්හිමත් වැඩක් කරලා උපක්‍රමශීලිව පලා ගිහින් තියනවා මට හිතෙන විදියට!

මොකක් මොනවද හොක්‍රස් කියන්නෙ ! මොනවද ඒ ?? දෙයියන්ගෙ නාමටෙ රොස් ඔයා මේ අපේ වයසට ගැලපෙන් නැති ලොකු දේවල් කතා කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක වැටෙනවා දවසක පීටර් පැවසූවේ තමාට රෝස් පැවසු කිසිවක් තේරුම් නොගිය නිසාවෙනි!

ඔයා කියන ඔය හොක්‍රස් විස්තර කරන්න පුලුවන් ද රෝස් තව විනාශ කලා නම් කොහොමද තව ක්‍රමය්ක් තියෙන්නෙ මොකක් ද ඒ ??





































Comments

Popular Posts