පෝටර්ගේ ආගමනය 4

හතරවෙනි කොටස !!



ඔයා දන්නවද මේ ඉන්න සතා මොකාද කියලා????පීටර් තැතිගත් ස්වරූපයෙන් යුතුව ඇල්බස්ගෙන් විමසීය !!

ම්ම් යන්තන් අහලා තියනවා ඒත් මං වැඩිය විස්තර දන්නෙ නෑ කොහොම උනත් මේයාට ඔලු තුනක් තියන කතාව නම් දැන් මම විශ්වාස කරනවා !!යැයි ඇල්බස් පැවසුවේ  පිටර් දෙස බලමිනි

මේ ඉන්නෙ සර්බස් කෙනෙක් (cerberus) පතාල ලෝකෙට යන දොරටුව කලින් මුර කලේ මෙයා!!

රෝස් තමාදන්නා සියල්ලම විශ්මයෙන් යුතුව පංති කමරය තුල වැමැරු අතර හැග්‍රිඩ් සිනා මුසු මුහුනෙන් යුතුව හිස සොලවා එය අනුමත කල අතර 

රෝස් ග්‍රෙන්ජර් වීස්ලි මම හිතන්නෙ ඔබ නම් ඔබේ අම්මාගෙ නම තවත් ඉදිරියට ගෙනියනවා නොඅනුමානයී නමුත් ඔබට එක තනක් වැරදුණා මේ ඉන්නෙ පාතාල ලොකේට යන ද්වාරය මුර කරපු ෆ්ලපී නම් නෙමෙයි මේ ඉන්නේ අපේ ට්‍රැටොස් මෙහෙම දැවැන්ත විදියට හිටියට මෙයාට තාම අවුරුදු දෙකයි මෙයාව අපට තෑගි කලේ අප්‍රිකාවේ මැජික් පිළිබද අමාත්‍යංශයේ වැඩකරන අපේ හොග්වර්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිශයෙක් මම හිතන්නෙ දැන් ඔය තුන් දෙනා ඉඩ තියෙන තැනක් බලලා ඉද ගත්තා නම් මට පාඩම කරන්න මීට වඩා ලෙසී වෙනවා !!!යැයි හැග්‍රිඩ් පැවසුවේ ඔවුන් ට්‍රැටොස් හට තවත් ළං වුවහොත් ඌ කුලප්පු ප්ංතිය දෙවනක් කරන නිසාවෙනී!!


ඇල්බස් , පීටර් සහ රෝස් ඉඩ තිබුණු තැන් වලින් අසුන් ගත් අතර ඇල්බස්ට පිටුපසින් ස්කෝපියස් මැල්ෆෝයි සහ තවත් ස්ලිදරින් නිවාසයේ දෙතුන් දෙනෙක් අසුන් ගෙන සිටි අතර 

ආ පෝටර් දැන් ඉන්නෙම කුණුලේ කාරයොත් එක්ක නේද කොහොමත් උබේ තාත්තත් ඔය ව්දියලු ඔනේ එකයි එපා එකයි හැම එකාවම කරේ තියා ගත්තලු කොහොමත් උබ වගේ උන්ට උසස් පවුල් වල ගතිගුණ ගන්න බෑ ඒවා එන්න ඔනේ උත්පතියෙන් යැයි ස්කෝපියස් මැල්ෆෝයී ඇල්බස් ගෙ කනට කොදුරන්නට විය දෑත් එකිනෙක පිරිමදිමින්  ඉවසීමෙ උපරිමයට පැමිණ සිටි ඇල්බස් තව එකදු වචනයක් හෝ මැල්ෆෝයිගේ කටින් එනතෙක් සිටියේ තමා දන්නා බලවත්ම මයාව වූ පෙට්‍රෝනියම් මන්තරය අත්හදා බැලීමට මෙයද කදිම අවස්තාවක් වන නිසාය

නමුත් වාසනාවකට හෝ අවාසනාවකට වේගයෙන් පැමිණී බකමූණෙකු ජනේල් උලුවස්සෙ වැදුනු අතර ළමුන් සියල්ලොම ඒ දෙස බැලීය  නැවතත් ඉතා අපහසුවෙන් යුතුව ජනේලයෙන් ඇතුලු වූ බකමූණා කෙලින්ම හැග්‍රිඩ් මහාචාර්යතුමා අසල මේසෙයේ තිබූ පොත් පත්ද බිම පෙරලමින් එ මතට වැටුණු අතර හැග්‍රිඩ් ඒ සමගම රෝස් ගේ මුහුණ දෙස බැලුවේ ඒ ඔහුගේ පියාගෙ බකමූණාද යැයි සැක හැර දැනගැනීමට විය හැක 

නමුත් රෝස් හිස වේගෙයෙන් දෙපසට සොලවමින් එය ප්‍රතික්ශේප කල අතර ඈ කුඩා කල තම පියාගෙ කුඩා කල සීරියස් බ්ලැක් විසින් තෑගි කරන ලද පිග්විජන් නැමැති බකමූණද වයසට ගොස් මැරුනු බවත් එයට සිය පවුලම කනගාටු වූ බවත් සිතෙන් මෙනෙහි කරමිනි !!

හැග්‍රිඩ් බකමූණා දෙස මදක් විපරම් කොට ඔහුගේ පාදයේ එල්ලා තිබු කඩදාසිය රැගෙන නලල රැලි ගන්වමින් කියවන්නට වූ අතර දැන් ඔහු යමක් කියවන විට අනිවාර්යෙන්ම ඔහුගේ උපැස් යුවල භාවිතා කරන්නටද අමතක කරන්නෙ නත !!!

ට්‍රැටෝස් එන්න ඉක්මණට මගේ පස්සෙන් !! අදට ඔයාලගේ පංති ඉවරයී ආ තව දෙයක් හෙට පාඩමට කලින් මම අනිවාරෙයෙන්ම මේ අභ්‍යාසය බලනවා ඔයාලා සර්බස්ලගේ තොරතුරු හොයාගෙන පිටුවක රචනාවක් ලියාගෙන එන්න !!

යැයි පවසමින් කලබලයෙන් යුතුව පංතිකමරෙයෙන් පිටව ගියේය !

ළමුන් සියලු දෙනාද මහත් ඝෝශාවක් නංවමින් ඉතා සතුට්න් යුතුව පංතිකාමරෙයෙන් ඉවත්වූ අතර ඇල්බස් පීටර් සහ රෝස් ද කිසිවක් නොකියාම පංතිකාමරෙය්න් එලියට ගිය අතර අනෙක් සියලු දෙනා ඒ මේ අත දුවමින් වේගයෙන් නිවාස කරා ගියද ඔවුන් තිදෙනා සියලු දේම නැතිවුන ආකාරයටකට හෙමින් හෙමින් නිවාස කරා ඇදෙන්නට විය 


නමුත් පීටර් එම නිශ්ශබ්දතාවය බිදිමින්

ඇල්බස් අර බලන්න ඔයා දන්නවද ඒ කවුද කියලා 

නෑ මම දන්නෙ නෑ  දුටු දෙයින් විපක්ශිතව ඇල්බස් පැවසීය ඉදිරියේ සිටියේ කලු පැහැ ලෝගුවක් පැලැදගත් ඉතා රෞද මුහුණකට හිමිකම් කියූ හැඩිදැඩි අයෙකු විය 

ඒ ඉන්නෙ ඩියැග්‍රොරි මහාචාර්යතුමා ! මැජික් අමාත්‍යංශයේ වැඩකරපු ඒමස් ඩියැග්‍රොරිගේ පවුලෙන් නෙරපපු සහෝදරයෙක් මීට අවුරුදු දෙකකට පස්සෙ අප්‍රිකාවෙ ඉදන් හොග්වර්ඩ්ස් වලට ඇවිල්ලා අදුරු මායාවන් ගැන උගන්නවා!! මම මෙයා ගැන ගොඩක් පත්තරවල දැකලා තියනවා!රෝස් එලෙස පවසා අවසන් වන විටම ඔවුන් ඔහුගෙ කකුල් දෙක අසලටම පැමිණ සිටි අතර

බොහොම හොද විග්‍රයක් ග්‍රේන්ජර් වීස්ලී යැයි රෞද්‍ර ලෙස රෝස් දෙස බැල්මක් හෙලූ අතර නැවත ඇල්බස්ගේ මුහුණ දෙස බලා 

ඇල්බස් සෙවරස් පෝටර් මම අනිත් නම් දෙකට නම් ගරු කරනවා ඒත් පෝටර් කියන නම ඔතනට ගැලපෙන් නෑ එක්කො ඔතනට දාන්න තිබ්බෙ වෝල්ඩමෝට් කියලා යැයි පැවසු අතර ඇල්බස්ගේ අත ඉබේම යශ්ටිය වූ සාක්කුවට ගියේය !!

ඕ හෝ පලමු වසරට ආවා විතරයි මන්තර කරන්න වගේ නේද පෝටර් !! මේක හොදට මතක තියාගන්නව ලෝඩ් වෝල්ඩමෝට් නැත්නම් තමුන්ගේ තාත්තා නිකමෙක් හරියට රොන් වීස්ලී වගේ යැයි පවසන විට රෝස් ද තම යශ්ටිය අතට ගැනීමට උත්සහ කල අතර ඇය එය කරා බව ඩියැග්‍රොරි නොදුටුවේ ඔහුගේ ඇස් කෙලින්ම පෝටර් වෙත යොමු වී තිබූ නිසවෙනි !!වෝල්ඩමෝට්ගෙ බලය තමුන්ගේ තාත්තාටත් ලැබුණ හන්දා තමයි තමුනුත් අද ඔහොම ජීවත් වෙන්නෙ !!යැයි ඉතා කුරිරු හඩින් පවසා ඔවුන් පසුකරමින් ඉදිරියට ඇදුණු අතර නැවතත් ඇල්බස්ගේ පිටුපසට විත් හොදට මතක තියාගන්නවා මම ආයිත් අතීතේ තමුසෙලා ඇතුලෙන් ඇදලා ගන්නවා වෝල්ඩමෝට් විනාස වුනාට අදුරු මායාවන් තාම ජීවත් වෙනවා පෝටර්!!!!!යැයි පවසමින් ඔහු නැවතත් ගමන ආරම්භ කලේය

අතීතය අපි අතරින් ඇදලා ගන්නවා කියන්නෙ මොකක්ද පීටර් තරහෙන් පුපුරමින් සිටි ඇල්බස්ගෙන් සහ රෝස්ගෙන් විමසීය !



Comments

Popular Posts