පෝටර්ගේ ආගමනය 5
ඇල්බස් මන් හිතන්නෙ පීටර් හිතපු දේ හරී මහාචාර්යතුමා අපි ඇතුලෙන් අතීතේ ගන්න උත්සහ කරනවා කියන එක ලොකු ප්‍රෙහෙලිකාවක් මට!
රෝස් අදුරු මායාවන් අන්තිමට භාවිතා කරන කාලෙ අපි ඉපදිලාවත් නෑ !ඉතිං කොහොමද අපෙන් අතීතයක් ගන්නෙ මට නම් විශ්වාසයි මිනිහා නොම්බර එකේ මොලේ විකාර කාරයෙක් !යැයි ඇල්බස් තම රත් වූ මුහුණෙන් රෝස්ගේ ඇගට කඩා වැදුනු අතර එය රෝස් එතරම්ම් ගණනකට නොගත්තේ ඇල්බස් සමග වාදකිරීමට මෙය හොද වෙලාවක් නොවන නිසාවෙනී!
ඒත් සමගම කණ්ණාඩි යුවලක් පැලදැගත් ගැහැණු දරුවෙකු හඩමින් ඔවුන් අතරින් ගිය අතර පීටර්ගේ ඇග සුදුමැලී වී යනු දැක ඇල්බස්ට ඉබේම සිනා ගිය අතර රෝස් ද කොක් හඩලමින් සිනා සෙන්නට විය
පීටර් ඒ ඉන්නෙ මාර්ටල් එයා අපේ තාත්තලා අම්මලා මේ ස්කොලේ ඉන්න කාලෙ ඉදන් හිටපු කෙනෙක් අනික ඒක ඔච්චර භය වෙන්න තරන් දෙයක් නෙමෙයි !
එච්චර කල් ඉදන් හිටියා නම් ඇයි එයා වයසට ගිහින් නැත්තෙ අඩුමගානෙ එච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද
අයියෝ පීටර් මැරුණු කෙනෙක් කොහොමද ආයිත් මැරෙන්නෙ ඔයාලා දෙන්නා මෙතනින් නෙවාසිකාගාරයට යන්න මම පුස්තකාලෙට යනවා ඒත් කැමති නම් ඔයාලටත් එන්න පුලුවන් යැයී රෝස් ඔවුන්ට අඩියක් ඉදිරියෙන් තබමින් පැවසිය...
අපිත් එන්නම් දෙදෙනාම එකවර පැවසුවේ නේවාසිකාගාරයට ගියද ඔව්න්ට කිරීමට විශේශ වැඩක් නොමැති නිසාවෙනී!
ඔවුන් පුස්තකාලයට යන විට එහි නොයෙක් නිවාස වල විවිද වයස් පරතරයෙන් යුත් ළමුන් එහි සිටි අතර රෝස් එහි ගිය ගමන් අදුරු මායාකර්ම පිලිබද පොත් තිබෙන කොටසට දිව ගිය අතර ඇල්බස් සහ පීටර් මහාචාර්ය හැග්රිඩ් පැවසු පරිදි සර්බර්ස් ගැන විස්තර ඇතුලත් රචනාව ලිවීමේ අරමුණීන් මේසයක් වෙතට ගියේය!
ඒත් සමගම රෝස් අදුරු මායාකර්ම පිළීබද පොත් තොගයක් ගෙන අසලින් වාඩි වූ අසල පීටර් සහ ඇල්බස් මුහුණට මුහුණ බලාගෙන සිදුවනදේ කුමක්දැයි වටහා ගැනීමට උත්සහ කලේය!
කවුද ඇල්බස් සෙවරස් පෝටර් කියන්නෙ මෙතනින් ??ඇල්බස් සෙවරස් පෝටර් නැගිටින්න කිව්ඩ්ච් (Quidditch) ක්‍රිඩාවට අදින ලෝගුවක් පැලදගත් සිසුවෙක් පුස්තකාලයේ නිශ්ශබ්දතාවය බිදිමින් කෑමොර දෙන්නට විය!
ඇල්බස් කියන්නෙ මම ! අසුනින් නැගී සිටි ඇල්බස් පුදුමයෙන් මෙන් සිසුවා දෙස බැලූ අතර ඔහු ද පුදුමයෙන් මෙන් ඇල්බස් දෙස බලා
වහාම නෙවිල්ලොංබොටම් මහාචාර්යතුමාගෙ කාමරෙට යන්න මම අනිත් ක්‍රීඩකයෝ දැනුවත් කරලා එන්නම් මහාචාර්යතුමා ඔයාට පණිවිඩේ කියන්න කිවුවේ උදේ පාන්දරම ඒත් ඔයාව හොයාගන්න බැරි උනා !දැන් ඉක්මනට යන්න මම අනිත් දැනුවත් කරලා එන්නම් ඔයාව හොය හොයා හිටිය මිසක් අනිත් අයට පණිවිඩේ දෙන්න මට වෙලාවක් තිබුණ් නෑ ඔහු එලෙස කියමින් පුස්තකාලයේන් පිටවු අතර නැවතත් පුස්තකාලය පුරා දැඩි නිහඩ බවක් පැතිරි ගියේය…
මං හිතන්නෙ ඇල්බස් එයාලා ඔයාව කණ්ඩායමට බදවගන්න යන්නෙ ඉක්මණට යන්න මේක ලොකු අවස්තාවක් යන්න ලෙස රෝස් නිහඩතාව බිදිම්න් ඇගේ අදහස ඉදිරිපත් කලාය
ඒත් රෝස් මම කොස්සක් පැදලා තියෙන්නෙ එකම එක පාරයි එදාත් මගේ අතේ අස්තියක් බිදුණා ඒකෙන් වැටිලා මම හිතන්නෙ නැ එයාලා හොයන කෙනා මම කියලා!
නැහැ ඇල්බස් ඔයාගෙ තාත්තත් සීකර් කෙනෙක් ග්රිෆෙන්ඩෝර් වල හිටපු එවගෙම ඔයාගෙ සීයත් මන් ලග ඔයාගේ තාත්තගේ පලවෙනි තරගෙ පොටෝ සේරම තියනවා අපේ අම්මට දවසක් බස්සෙක් අතේ කොලින් කියලා කෙනෙක් එවා එව්වෙ එවාගෙ එයාලා කරපු දේවල් ගොඩක පොටෝ තිබුනා ඊලග නිවාඩුවට ගෙදර ගියාම මන් අරන් එන්නම්!රෝස් ඇල්බස් සහ පීටර් දෙස බලමින් පැව්සු අතර පීටර් එක්වරම
ඔයා යන්න ඇල්බස් පරක්කු වෙන්න එපා ග්රිෆෙන්ඩෝ දිනවන්න යන්න!!!යැයී සිනාසෙමින් පැවසු අතර තිදෙනාම එකිනෙකට සිනාසෙමින් සිටි අතර ඇල්බස් ඔවුන්ගෙන් සමුගෙන කොරිඩෝව දිගේ ලොංබොටම් මහතාගෙ කාර්යලය දෙසට පියමනින්නට විය !ඒ යන අතරමග වූ අලංකාර කැටයමෙන් යුක්තවු දැවැන්ත කනු දෙස මනා සෝදිසියෙන් ගිය අතර ලොංබොටම් මහතාගෙ කාර්යාලයේ දොරටුව අඩවල් වී තිබුණු අතර තව කවුරුන් හෝ කෙනෙකුගේ කටහඩක් ඔහුට ඇසිණි
මට විශ්වාස කෙනෙක්ට ඉන්නෙ ඔබ විතරයි ලොංබොටම් මම ඒකයි ඔබට මේ ගැන වහාම කියන්න හිතුවේ !අතීතය යලිත් සිද්දවෙමින් පවතිනවා මට ඒක දැනෙනවා යලිත් පෝටර් කෙනෙක් පැමිණියා යැයි පවසනු ඇසුණ අතර එම කටහඩ මහාචාර්ය හැග්රිඩ්ගෙ බව ඇල්බස්ගේ අදුනගත්තේය
නමුත් මහාචාර්යතුමා මීට පෙරත් පෝටර් කෙනෙක් මෙහෙ ආවා ඒ ජේම්ස් පෝටර් ඔබට මතකද නමුත් කිසිම වෙනසක් සිදුවුණේ නැහෑ මම හිතන්නෙ ඕක බොරුවක්!
නෑ ලොංබොටම් මේක වෙනස් ජේම්ස්ගෙන් නොදැකපු දෙයක් මම ඇල්බස්ගෙන් දැක්කා ඒකයී මම මෙහෙම කියන්නෙ මට හිතෙන්නෙ අපි සුදානමින් ඉන්න ඔනේ කලින් ප්‍රහාරය ගැන මැජික් අමාත්‍යංශය වැඩිදුර විස්තර හොයනවා මන් හිතන විදියට නැවත වතාවක් ඔවුන් පාසලට පැමිණෙයි මෙ ගැන අහන්න!! හැග්රිඩ් කලකිරුණු ස්වභාවයකින් යුතුව පවසනු ඇල්බස්ට තේරුම් විය!
මම හිතන්නෙ මහාචාර්යතුමා අපි මේ ගැන හැරීට දන්වන එක හොදයි ඒ වගේම මම හිතනවා හර්මයිනි ග්රේන්ජර්ව කොහොම හරි හොග්වර්ඩ්ස් වල ට ගෙන්වලා මැජික් ඉතිහාසය විශය ඇයට භාර දුන්නොත්
නැහැ ලොංබොටම් මන් හිතන් නෑ ඒක සාර්තක වෙයි කියලා!!! එවර හැග්රිඩ් දැඩි ස්වරයෙන් ලොංබොටම්ට කතා කරනු ඇසුණු අතර ඇල්බස්ට යම් කිසි පටැලවිල්ලක් ඇති බව තේරුම් ගිය අතර ඇරගොග් ගැන හැග්රිඩ් පැවසූ දෙය බොරුවක් බව ස්තිර විය !!!!
Love this story❤
ReplyDelete