පෝටර්ගේ ආගමනය 6
6 වෙනි කොටස !
මහචාර්ය නෙවිල් මම ඇතුලට එන්නද ??ඇල්බස් එලෙස පැවසුවේ තමා ඔවුන්ගේ කතාව හොරෙන් අසා සිටිනවා දුටුවොත් එය නිවාසයේ ලකුණු වලට බලපෑමක්වේදෝයි බියෙනි…
ආ පෝටර්…..පෝටර් එන්න ම්ම්..එමේ අපි…අපි කතා කර කර හිටියේ
හිපොග්‍රිෆ් (බක්බීක්) කෙනෙක්ව ගෙන්න පුලුවන්ද කියන එක මොකද එහෙම උනොත් ඔයාලට් ඒ පාඩම් කියලා දෙන එක ගොඩක් ලේසී වෙනවා!! යැයි හැග්‍රිඩ් පැවසුවේ ලොංබොටම් කලබල වී අතේ පැලවෙන බොරුවක් ගැසිමට ප්‍රතමයෙන් විය යුතුය!!
නමුත් ඇල්බස් හැග්‍රිඩ් පැවසුවේ බොරුවක් බව හොදින් දැනසිටි අතර තමන් හැග්‍රිඩ් පැවසු දෙය විශ්වාස කල බව අගවන්නට විය!!
මහාචාර්ය නෙවිල් මම හිතන්නෙ ඔබ මා කිවුව පරිදි බස්සෙක් යවන්න හිපොග්‍රිෆ් කෙනෙක් ගැන කියලා මැජික් අමාත්‍යංශෙට මන් හිතන්නෙ අපට පුලුවන් මොකක් හරි සහනයක් ලබා ගන්න !!යැයි පවසමින් හැග්‍රිඩ් තම යටි රැවුල පිරිමදිමින් මහාචාර්ය නෙවිල්ගේ කාර්යාලයෙන් පිටතට යන්නට විය!
ඒත් සමගම නෙව්ල් මහාචාර්යතුමා ඇල්බස් දෙස බැලු අතර
ඇල්බස් මම හිතන්නේ මන් ඔයාට එන්න කිවුවෙ උදේ පාන්දරම යැයි නෙවිල් කනස්සල්ලෙන් මෙන් ඇල්බස්ට පැවසීය
නමුත් මහාචාර්යතුමා මට පණිවිඩය ලැබුණේ දැන්
ඔව් ඒකට කමක් නැ මම එන්න කිවුවේ අපි හෙට ග්‍රිෆින්ඩෝ වල ක්විඩ්ච් කණ්ඩායමේ යම්කිසි වෙනස්කම් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතනවා කණ්ඩායමේ තැනක් අනිවාර්යෙන්ම ඔයා වෙනුවෙන් තියෙයි කියලා මොකද ඔයාගෙ පව්ලේ අය උපතින්ම ක්ව්ඩ්ච් දක්ශකම් ගෙනාවා!!
නමුත් මහාචාර්යතුමා මං හිතන්නෙ !
හරි ඇල්බස් මං දන්නවා ඔයාට එක පාරටම මෙහෙම කියන එක සුදුසු නෑ මොකද කණ්ඩායමට එන්වද නැද්ද කියන එක ඔයාගෙ තීරනයක් !!නමුත් මම හිතන්නෙ ඔයා කණ්ඩායමට තේරුනොත් ඒක සිද්ද වෙන්නෙ අනිවාරෙන්ම කණ්ඩායමේ වාසනාවකට!! නෙවිල් ලොංබොටම් තම මේසය උඩ තිබු පොත් පත් ඒ මේ අත දමමින් යමක් සොයන ගමන් ඇල්බස්ට පැවසූ අතර
හොදයි මහාචාර්යතුමණී මම තේරීම වෙලාවට එන්නම් එතනට!!
අන්න හොදයි මන් හිතන්නෙ දැන් ඔයාට ඔනේ නම් යන්න පුලුවන් තව ටිකකින් ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ අය මාව හම්බෙන්න එනවා කැමති නම් ඉන්න ඔයාටත්පු ඒකට ඉන්ලුන පුලුවන්!!
නැහැ මහාචාර්යතුමා මම යන්නම් මම හිතන්නෙ මම එනකන් පීටරුයි රෝසුයි පුස්තකාලෙ බලන් ඉන්නවා!!
හොදයි ඇල්බස් ඔයාට යන්න පුලුවන්!!!!
ඇල්බස් මහාචාර්යතුමාගෙන් සමුගෙන කොරිඩෝව දිගේ වේගයෙන් දුවයන්නට විය ඔහුට දැන් ක්විඩ්ච් ක්‍රීඩාවට වඩා වටින්නෙ පීටර්ට සහ රෝස්ට හැග්‍රිඩ් සහ ලොංබොටම් අතර වූ සාකාච්චාව ගැන පැවසීමටය !
නමුත් පුස්තකාලයට ඇතුලු වු පසු ඔහු කොතැනකවත් පීටර් හෝ රෝස් දුටුවේ නැත ඔහු පොත් රාක්ක එකිනෙක පසු කරමින් පුස්තකාලය අවසානය වන බිත්තිය දෙසටම ගියද ඔහුට පීටර්ගේ හෝ රෝස්ගේ සෙවැනැල්ලක්වත් දැකීමට නොහැකි විය!!
වේගයෙන් නැවතත් පුස්තකාලයෙන් එලියට පැමිණි ඇල්බස් හොග්වර්ඩ්ස් ප්‍රදාන දොරටුව අසලටද ගිය අතර එහිදීද ඔවුන් දැක ගැනීමට නොහැකි වූ නිසා යලිත් වේගයෙන් ඔහු නේවාසිකාගාරයට වෙතට දුවන්නට විය !!
ඒ යන අතරමගදී ඔහු රෝස් සහ පීටර් යම් පොතක් දෙස මනා උනන්දුවෙන් නෙත් යොමා සිටින බවක් දුටු අතර
රෝස් පීටර් මට ඔයාලට කියන්න දෙයක් තියනවා!! යැයී කෑමොර දෙන්නට විය ඒ අසල සිටි දෙවන වසරේ සහ තුන්වෙනි වසරෙ සිසුන්ද ඇල්බස් දෙස බැලූ අතර තමා ඉක්මණ් උනා වැඩිදැයි තේරුම් යන විට පරක්කු වැඩිවිය !ඔහු රෝස් සහ පීටර් අසලට ලං වන ව්ටම
මේ අහන්න ඇල්බස් ඔයා අපි දෙන්නා හොයා ගත්ත දේ දන්නවා නම් ඔයිට වඩා පුදුම වෙනවා!!!! එල්ඩර් යශ්ටිය තාම තියනවා! පීටර් එකදිගට කියාගෙන යන්නට විය!
මොකක් ! වෙන්න බැහැ පීටර් මගේ තාත්තමයි ඒක කැඩුවේ ! කිසිම විදියකට ඒකට නැවත එන්න බැහැ
නෑ ඇල්බස් පීටර් හරී මේ පොත පීටර්ට හම්බුනේ මැජික් ඉතිහාසය කොටසේ තිබිලා එයා අභ්‍යාසය කරලා ඉවර වෙලා කම්මැලිකමට ඒ කොටසට ගිහින් එයාගෙ යශ්ටිය ගැන හොයන්න මේ පොත අර ගත්ත වෙලාවෙ මේක දැකලා තියෙන්නෙ මේක ලියලා තියෙන්නෙ ඔලිවන්ඩරස් මීට අවුරුදු දෙකකට කලින්
වෙන්න බැහෑ රෝස් එයා මැරිලා දැන් අවුරුදු දෙකකට වැඩි මම හිතන්නෙ ඒක ඔයත් දන්නවා !!
ඔව් ඇල්බස් ඒත් මේ බලන්න මේක ලියලා තියෙන්නෙ ඔලිවන්ඩර්ස් මැරෙන්න කලින් අවාසනාවකට පොත ප්‍රසිද්ද කරන්න කලින් ඔහු මැරිලා මේක සංස්කරණය කරලා ප්‍රසිද්ද කරලා තියෙන්නෙ ඔහුගේ පුතා…..
මට තේරෙන් නෑහැ රෝස් !!මේ වෙන දේවල් ඒත් මට හිතෙනවා දැන් හැමතැනම ඇහෙන කතා ඇත්තක් කියලා !!ඇල්බස් කනස්සල්ලෙන් මෙන් පීටර් සහ රෝස් දෙස බලා පැවසූ අතර පීටර් ද තම උරස සොලවා තමාටද එසේමයි ලෙස හැගවිය
ඊට කලින් මේක බලන්න ඇල්බස් එල්ඩර් යශ්ටියට බලයක් තියනවා කැඩුණු යශ්ටි සුවපත් කරන්න !ඒක තියෙන්නෙ ලෝකෙන්ම එක යශ්ටියකට විතරයි ඒ කියන්නෙ මේ කියන එල්ඩර් යශ්ටියට විතරයි!!!!!
හරී ඒත් හිතන්න එල්ඩර් යශ්ටිය කැඩුණා ඒත් ඒක හදන්න තවත් යශ්ටියක් නැ ඉතින් රෝස් එතකොට කොහොමද ?යැයි ඇල්බස් තම සිතෙහි කැකෑරෙමින් තිබුණු ප්‍රශ්න රෝස්ගේ සහ පීටර්ගේ මුවට විසිකරන්නට වූයේ තවමත් මේ සිදුවන කිසිදෙයක් තමාට විශ්වාස කල නොහැකි බැවිනී
මේ බලන්න ඇල්බස් මෙකේ කියලා තියනවා යශ්ටිය අයිති කෙනා එල්ඩර් යශ්ටිය කිසියම් මොහොතක දී………………
ඉතුරු ටික පස්සෙ දාන්නම් !!!!
( පොතේ තියන විදියට යශ්ටිය තාම තියනවා ඒත් ෆිල්ම් එකේ විදියට යශ්ටිය කැඩුණා ඊලග කතාවේ අනිවාර්යෙන්ම යශ්ටිය ගැන උත්තරයක් හම්බෙයි)
Comments
Post a Comment