පෝටර්ගේ ආගමනය 7

7 වෙනි කොටස !






මේ බලන්න ඇල්බස් මෙකේ කියලා තියනවා යශ්ටිය අයිති කෙනා එල්ඩර් යශ්ටිය කිසියම් මොහොතක දී විනාශ කලොත් එය කිසියම් සටනකින් හෝ පසුතැවීමකින් සිදු වූ දෙයක් ලෙස සැලකෙනවා යශ්ටිය විනාශ කරන්න නම් යශ්ටිය අයිති කෙනා ස්වභාවික විදියට මැරෙන්න ඔනේ එතකොට තමයි යශ්ටියේ බලය නැති වෙලා ඒක විනාශ වෙලා යන්නෙ!!

පොතේ තියන දේ ඇත්තක් නම් ඒ කියන්නෙ හැරී පෝටර් මහත්තයා කිසියම් දවසක ස්වභාවික විදියට මැරුණොත් තමයි යශ්ටිය විනාශ වෙන්නෙ !ඒ කියන්නෙ දැන් කොහේ හරි තැනක යශ්ටිය සුරක්ශිතව තියනවා!!යැයි පීටර් තම මතය ඇල්බස් සහ රෝස් හට පවසන්නට වූ අතර රෝස් එය අනුමත කරමින් හිස සොලවන්නට විය…

එහෙනම් දැන් මට දෙයක් හොදින් පැහැදිලී !අතීතයක් නැවතත් සිද්දවෙමින් පවතිනවා කියන්නෙ මේකට තමයි!හැග්‍රිඩ් මහාචාර්යතුමාට අද ආවෙ මොකක් හරි වැදගත් පණිවිඩයක් ඒක හින්දා තමයි  පාඩම නවත්තලා ගියේ එතකොට ඒක කතා කර කර ඉන්නකොට තමයි මම මහාචාර්ය නෙවිල් ගේ කාමරේ ලගට ගියේ…

ඔයාට එයාලා කතා කරපු දෙවල් ඇහුණ් නැද්ද ඇල්බස් රෝස් මැදින් පැන ප්‍රශ්නයක් අසන්නට විය 

ඇහුණා !මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියනවා මහාචාර්ය නෙවිල් යෝජනා කලා හර්මයිනි මහත්මියව ගෙනල්ලා මැජික් ඉතිහාසය විෂය ඇයට භාර දෙමු කියලා තව මගේ තාත්තට මේ තත්වය දැනුම් දෙමු කියලත් ඔහු යෝජනා කලා නමුත් හැග්‍රිඩ් එයට විරුද්ද උනා !

ඔව් ඒක හොදයි එක අතකට මොකද අම්මා ස්කොලේට ආවොත් මට මේවා ගැන හොයන්න වෙන්නෙ නෑ! ඒත් මට තියන ප්‍රශ්නෙ ඇයි හැග්‍රිඩ් මහාචාර්යතුමා මේ වෙන දෙවල් ගැන බොරු දේවල් කියන්නෙ කියන එක!

සමහරවිට අපි පළමුවසර සිසුන් හන්දා වෙන්නති යැයි පීටර් ඇල්බස් සහ රෝස් දෙස බලමින් පැවසූවෙය !!

අපි යමු හවස පංතිය තියෙන්නෙ ශාකසාර විද්‍යාව මන් හිතන්නෙ අපට ඒක උගන්වන්නෙ මහාචාර්ය හාර්බර්ට් බීරිගේ ගේ මුණූපුරා මන් හිතන්නෙ ඔහු ගිය අවුරුද්දෙ තමයි හොග්වර්ඩ්ස් වලට ඇවිල්ලා තියෙන්නෙ !රෝස් එක දිගට කියාගෙන යන්නට වූ අතර ඇල්බස් හා පීටර් හාර්බර්ට් ගැන කිසි දෙයක් නොදැන සිටියා නොඅනුමාන බව ඔවුන්ගේ ඉරියව් වලින් දිස්විය..

හාර්බර්ට් බීරී කියන්නෙ කවුද ? ඇල්බස් රෝස්ගෙන් විමසුවේ ඇතින් පලමු වසරේ සිසුන් පෝලිම් වී සිටිනවා දකිනවත් සමගය

අයියෝ ඇල්බස් !!මහාචාර්ය හාර්බර්ට් කියන්නෙ හොග්වර්ඩ්ස් වල හිටපු පරණ ශාකසාර විද්‍යා ගුරුවරයෙක් කෙටියෙන්ම ඔහු තමයි මහාචාර්ය පොමෝනා ස්sප්‍රොට්ටත් උගන්නවලා තියෙන්නෙ කියනවත් සමග ඔවුන් පෝලීම අසලට පැමිණැ සිටි අතර පෝලිම මුල මහාචාර්ය බීරී සිටි අතර ඔහු වයස්ගත අයෙක් වූ අතර නමුත් ඔහුගේ පිරිපුන් මුහුණ සහ දිගු සුදු රැවුල හේතුවෙන් ඔහුගේ වයස එතරන් නොපෙනුන අතර ඔහුගේ ශරීර සෞඛ්‍යද හොද මට්ටමක තිබෙන බව තේරුම් යන්නට වූයේ ඔහු වේගයෙන් එහා මෙහා යමින් පෝලිම ඉදිරියෙන් සිටි සිසුන් සමග සතුටු සාමිච්චියෙ යෙදී සිටුනු දුටු නිසාවෙනී

හොදයි මන් හිතන්නෙ දැන් අපට යන්න පුලුවන්  හැමෝම අවිල්ලා මෙතන්ට ඔහු එසේ පැවසුවේ ඇල්බස් ,පීටර් සහ රෝස් දෙස බලමින් ඇසින් ඉගි කරමිනි 

එයා අපිව දන්නවද ?? රෝස් ඇල්බස් සහ පීටර් දෙසට බලමින්  ඇසීය  

නැතුවැති අපි පරක්කු වෙලා එනවා දකින්නති සමහරවිට... පීටර් පැවසූ අතර ඔවුන්ද ඉදිරියේ සිටි ළමුන් අනුගමනය කරමින් ඉදිරියට ඇදෙන්නට විය !!

ඒත් සමගම ඔවුන් හොග්වර්ඩ්ස්  ගෙවත්ත දුටු අතර ඈතින් අදුරු වනාන්තරයද ගෙවත්ත දෙස බලාසිටින රකුසෙකු මෙන් පෙනෙන්ට තිබිණ!!

හොදයි මම ඔයාලට අද කියල දෙන්නෙ කොහොමද අපි පෆිපොඩ් ( puffapod ) කෙනෙක්ව හිටවගන්නෙ කියලා!! මුලින්ම ඔයාලා ඔයාලගේ යශ්ටි අරගෙන පොලව දිහාට දික් කරලා මෙහෙම මතුරන්න ලෙවරානස් !!! සැහැල්ලුවෙන් කියන්න ලෙවරානස් වැරදියට කියන්න එපා යැයි මහාචාර්ය බීරී පවසා කට ගත්තා පමණැ​කි ස්කොපියස් මැල්ෆොයී තම යශ්ටිය ගෙන

ලවනාරස් යැයි පවසමින් පොලව දෙසට තම යශ්ටිය දිගු කරන්නට විය ඒත් සමගම සිසුන් දෙපසට වූ අතර ගෙවත්ත හරි මැදින් ලොකු වලක් ගැසුණු අතර අසල සිටි පීටර් සිසුන්ගෙ කලබලය මැද කරගැනීමට දෙයක් නොමැතිව එකම තැනට වී සිටි අතර කවුරුන්හෝ කෙනෙකු ඔහුව ඉදිරියට තල්ලු කරමින් පිටුපසට පැනගත් අතර ඔහුගේ පය පැටලි වල ඇතුලට ඇදී ගියෙය !!

සිසුන් සියලු දෙනාම යලිත් මැල්ෆෝයි නිර්මානය කල වල වටේට එක්‍රැස් වූ අතර වල තුල අසරණව සිටින  පීටර් දෙස උපහාසයෙන් බැලූ මැල්ෆෝයි සහ ස්ලිදරීන් නිවාසයේ කිහිප දෙනෙකු ඔහුට කුණු ලේ කාරයන්ට ගැලපෙන්නෙ ඔවාගෙ තැන් තමයි කියමින් උසුලු විසුලු කරන්නට විය !

නමුත් පීටර්ට ඒ පිලිබද ගානක් නොවීය ඔහු ඒ වෙනුවට බිම දනගාසාගෙන තවත් යටට තම දෑත් උපයෝගී කරගෙන හාරන්නට වූයේ නිදානයක් දුටු අයෙක් මෙනි!!!ඒත් සමගම ඔහු පස් මතින් යම් දෙයක් ගෙන තම සාක්කුවට දමා ගත් අතර ඇල්බස් ඒ පිලිබදව සැකම්සු බැල්මක් හෙලීය

මොකද පීටර් තමුසෙට නිදානයක්වත් හම්බුනාද!! මැල්ෆෝයි යලිත් උසුලු විසුලූ කරන්නට වූ අතර මහාචාර්ය බීරී පැමින තම යශ්ටිය පොලව දෙසට යොමාගෙන රිවෝරස් යැයි පැවසූ විට පස් කදක් සමගින් පීටර් උඩට පැමීණී අතර මැල්ෆෝයි නිර්මානය කල වල මනාව වැසී ගොස් තිබිණී!

හොදයි නැවතත් හැමෝම උත්සහ කරන්න මම කිවුව විදියට යැයි නැවතත් මහාචාර්යතුමා සිසුන් උනන්දු කරන්නට විය එවර සිසුන් සියලු දෙනාම පාහේ  කුඩා වලක් නිර්මානයකල තිබූ අතර මහාචාර්ය තුමා විසින් සිසුන් හට පෆිපොඩ් ඇටය බැගින් බෙදාගෙන ගියේය!

පීටර් ඇල්බස් සහ රෝස් තිදෙනා එකිනෙකා ලගින් වලවල් නිර්මානය කර තිබූ අතර පෆිපොඩ් සිටවීමෙ අටියෙන් බිම දණගසා ගත්තේය!

ඔයාට මොකක්ද හම්බවුනේ !!මම දැක්කා මොකක් හරි දෙයක් සාක්කුවට දාගන්නවා!!

මන් හිතන්නෙ ඒක කාගෙ හරි දිනපොතක් ඇල්බස් !

Comments

Popular Posts