පෝටර්ගේ ආගමනය 8

8 වෙනි කොටස 



දිනපොතක් ! කාගෙද ?? අනික දින පොතක් කොහොමද එතනට ආවේ ??රොස් පීටර්ගෙන් ඇසීය

දන්නෙ නෑ ඒ උනාට මට ඒකෙ කොටසක් මට පැගූණා!! ඒකයි මම ඒක ගත්තේ මේ බලන්න ඒකේ මැද හිල් වෙලා මන් හිතන්නෙ කවුරු හරි ඒක විනාශ කරලා !! පීටර් තම සාක්කුවෙන් දිනපොත එලියට ගෙන රෝස් ට සහ පෙන්වන්නට වූ අතර රෝස් තම පෆිපොඩ් බීජය වල තුලට තමා පීටර් අත තිබූ දිනපොත අතට ගත්තේය!!

ඇත්ත නේන්නම් මේක කවුරු හරි විනාශ කරලා බලන්න හරි මැදින් වල ගැහිලා කවුරු හරි කෙනෙක් මේකට මොකෙන් හරි ඇනලා ඒත් පුදුමේ කියන්නෙ මේකෙ කිසි දෙයක් ලියලා නෑනේ පිටු සේරම හිස්නේ !!

ඔකේ කාගෙවත් නමක් ගහලා නැද්ද රෝස් පීටර් එලෙස පැවසූවේ තමාගෙ පෆිපොඩ් බීජය වල තුලට දමන ගමන් අතර ඇල්බස්ද ඒ වන විට පෆිපොඩ් පැල කර අවසන් වූ අතර ඔහුද දින පොත දෙසට එබිකම් කරන්නට විය !

තියනවා ටොම් මාවලෝ රිඩ්ල් ගේ දිනපොත මේක! ඒත් එයා මෙකෙ කිසි දෙයක් ලියලා නෑනේ!!

සමහරවිට එයා මෙපොතට කැමති නැතුව ඇති රෝස් ඒ හන්දා එයා මේක විනාශ කරන්නතී!!!පීටර් රෝස් දෙස බලා පැවසූ අතර රෝස් සහ ඇල්බස් සහ එය හිස සොලවා ප්‍රතික්ශේප කරන ලදී!!

නෑ පීටර් මෙතන වෙන දෙයක් තියනවා  ඔහු මේකට කැමති නැත්නම් මේකේ ඔහුගේ නම ලියන්නත් අකමැති වෙන්න ඔනේ !!අනිවාර්යෙන්ම මෙතන මොකක් හරි රහසක් තියනවා!යැයි ඇල්බස් පැවසුවේ රොස් අතේ තිබූ දිනපොත අතට ගනිමිනි!


හොදයි ළමයි දැන් ඔයාලා දන්නවා පෆිපොඩ් කෙනෙක්ව කොහොමද පැල කරන්නෙ කියලා ගොඩක්ම වැදගත් පෆිපොඩ් කෙනෙක් පැල කරන එක නෙමෙයි !!මේ වල හරන මන්තරය මතක තියාගන්න එක සහ ඒක හරියටම උච්චාරණය කරන එක නේද මැල්ෆෝයී !!! මහාචාර්යතුමා එලෙස පැවසුවේ මැල්ෆෝයි තම සගයන් සමග ඇල්බස් ට සහ පීටර්ට ඉතුරු වූ පෆිපොඩ් ඇට වලින් පහර දෙනවා දුටු නිසාවෙනී! අදට පංතිය ඉවරයි හැමෝටම යන්න පුලුවන්

 මැල්ෆෝයී ලැජ්ජාවෙන් බිම බලාගත් අතර පීටර් රෝස් සහ ඇල්බස් තවමත් දිනපොත ගැන සිතමින් සිටි නිසා මහාචාර්යතුමා පැවසූ දෙය ගැන තැකීමක් නොකලේය!!

රෝස් මන් හිතන්නෙ ටොම් කියන කෙනා ගැන හොයාගන්න පුලුවන් උනොත් අපිට මේ දිනපොත මොකක්ද ඒක විනාශ කලේ ඇයි කියලා හොයාගන්න පුලුවන් !ඇල්බස් එලෙස පැවසුවේ දිනපොත තම සාක්කුවට දමාගන්නා ගමන්‍ ය

ඔව් මන් හිතන්නෙ මට පුලුවන් මැජික් ඉතිහාසය ගැන පොත් ටිකක් කියවලා මේ ගැන හොයගන්න !!එත් ඇල්බස් ඇයි අපි මේ කිසිම තේරුමක් නැති දිනපොතක් ගැන හොයන්නෙ!

කිසිම තේරුමක් නැති නෙමෙයි රෝස් බලන්න මේකෙ පිටු අතර මොකකින් හරි ඇනපු සලකුණූ තියනවාඇයි කවුරු හරි කෙනෙක් පොතකට වගේ දේකට මේ වගේ කුරිරු දෙයක් කරන්නෙ ??අනිත් එක ඒ කෙනා මේ පොතට කැමති නැත්නම් කිම වෙලාවකවත් පොතේ නම ලියන්නෙ නැහැ!අනිත් එක මේ පොත කොහොමද මෙච්චර කාලයක් මෙච්චර හොදට තිබුණේ??මට හිතෙන්නෙ මේ පොත පස් අතරත් අවුරුදු ගානක් තිබිලා තියනවා මොකද මැල්ෆෝයී හැරුවේ එසේ මෙසෙ වලක් නෙමෙයි !ඔයා මේ ගැන හොයන්න සමහරවිට ඒ අතරතුර ඔයාට එල්ඩර් යශ්ටිය ගැනත් ඇත්ත තොරතුරු හම්බෙයි !

හරි ඇල්බස් මම මගෙ උපරිමෙන් මේ ගැන හොයන්නම් ඒත් ඔයා අපටත්  දෙයක් පොරොන්දු වෙන්න ඔනේ 

ඒ මොකක්ද ?

ඔයා කොහොමහරි ග්‍රිෆොන්ඩොර් ක්විඩ්ච් කණ්ඩායමට ඇතුලත් වෙන්න ඔනේ  

මමත් මගේ උපරිමෙන් උත්සහ කරන්නම් 

අපි යමු හැමෝම ගියා !!පීටර් ඇල්බස්ගේ සහ රෝස්ගෙ කරට අත් දමමින් පැවසීය!!

ඔවුන් කොරිඩෝව දිගේ නේවාසිකාගරයට යන්නට විය ඒත් එක්වරම

ඇල්බස් මම පුස්තකාලෙට ගිහින් එන්නම් මන් හිතන්නෙ මන් අදම දිනපොත ගැන හොයලා බලන්න පුලුවන්! ඉන්න රෝස් මාත් ඔයා එක්ක එන්නම් මන් හිතන්නෙ මහාචාර්ය හැග්‍රිඩ් දුන්න අභායාසය කලාට මම පොත පුස්තකාලෙ දාලා ඇවිල්ලා තියෙන්නෙ ඇල්බස් ඔයා අපි එනකන් මෙතනටම වෙලා ඉන්න එහෙනම් අපි ටක් ගාලා එන්නම්!

ඇල්බස් තම සාක්කුවෙ වු දිනපොත එලියට ගත් අතර මේ වන විට හොග්වඩ්ස් බලකොටුව අදුරෙ ගිලෙමින් තිබුනේය!ඇල්බස් දිනපොතෙ පිටු එකිනෙක පෙරලමින් කිසියම් දෙයක් ලියා ඇති දැයි බැලුවද එහි කිසිම දෙයක් නොවීය !

ඔහ් පෝටර් ඔබ මොකද මෙතන කරන්නෙ !මේ වෙලාවෙ ඔයා ඉන්න ඔනේ නේවාසිකාගාරෙ එම කටහඩ මහාචාර්ය නෙවිල් ගෙ බව ඇල්බස් අදුනගත් අතර වහාම දිනපොත පිටුපසට කර හංගා ගැනීමට ඔහු යුහුසුලු විය නමුත් මහාචාර්ය නෙවිල් ඒ වනවිටත් එය දැක තිබුනු අතර 

පෝටර් මං කැමති ඔයා ඒක මටත් පෙන්නවා නම් මොකද මාත් කැමති ඔයා කියවන පොත් මොනවද කියලා දැන ගන්න !

මහාචාර්යතුමා ඒක මේ…...

කමක් නෑ ඇල්බස් ඒක ඔයාලගෙ වයසට අදාල නැති අදුරු මායාවන් ගැන පොතක් උනාට කමක් නැ එක මට පෙන්වන්න මං ඔයාට ඒවගේ තියන හොදම කොටස් සහ කියවිය යුතුම කොටස් පෙන්වන්නම්!මහාචාර්යතුමා එකදිගට කියාගෙන ගිය අතර ඇල්බස් තම අතේ හංගාගෙන සිටි පොත මහාචර්යතුමාට පෙන්වන්නට විය!

මේ මොකක්ද මේ !මහාචාර්යතුමා දිනපොත අතට ගත් අතර පොතේ මුල තිබු නම දැක සුදුමැලි වු බවක් පෙනෙන්ට විය!

ඇල්බස් මේක….!!මේක මේ ටොම් රිඩල්ගේ දිනපොත නේද !මේක කොහෙන්ද ඔයාට හම්බුනේ පලවෙනි වසරේ සිසුවෙක් ලග තියෙන්න ඔනේ දෙයක් නෙමෙයි මේක අනික ඔයාට කවුද මේ වගේ එකක් දුන්නෙ කියන්න!ඔයා මෙ ගැන මොකුත් දන්නවාද ඇල්බස් මට කියන්න මේත් එක්ක වෙන මොනවද ඔයාට හම්බුණේ!!මහාචාර්ය නෙවිල් එක දිගට කියාගෙන යන්නට විය එමෙන්ම ඔහුගේ නලල දාඩියෙන් තෙත් වූ බවක්ද ඇල්බස් දුටුවේය

නැ මහාචාර්යතුමා ඕක පීටර්ට හම්බුනේ ගෙවත්තෙ තිබිලා!!ඕක විතරයි අපට හම්බුන!

හොදයි පෝටර් මට ඕක දෙන්න මම ඕක අවශ්‍ය තැනින් තියන්නම් මොකද ඕක ඔයාට තියාගන්න හොද එකක් නෙමෙයි අනික දැන් ඕකෙ ඇති වැඩකුත් නෑ!

මම යන්නම් මම ආවේ ප්දානාචාර්යතුමා හම්බෙන්න මට ඒ කාරනෙත් අමතක උනා මෙක දැක්කම!!

හොදයි මහාචාර්යතුමා! 

ආ ඒක නෙමෙයි පෝටර් මතක ඇතුව හෙට උදේට ක්ව්ඩ්ච් තරග තෝරන තැනට එන්න ! සුභ රාත්‍රියක්!

සුභ රාත්‍රියක් මහාචාර්යතුමනි!

මහාචාර්ය නෙවිල් කොරිඩෝව තුල නොපෙනි යන තෙක්ම ඇල්බස් ඔහු දෙස බලා සිටි අතර ටොම් රීඩල්ගෙ දිනපොත ගැන අනිවාර්යෙන්ම මහාචාර්ය නෙවිල් යම් කිසි දෙයක් තමන්ගෙ හංගන බවත් ඔහු ඒ හංගන දෙය මතක් කරනවාටත් බිය වන බව ඔහුගේ ශරීර ලක්ශන දුටු ඇල්බස්ට තේරුම් විය..

ඒත් සමගම රෝස් සහ ඇල්බස් දෙසට පැමිණි අතර ඔහු නෙවිල් මහාචාර්යතුමා පැමිනි බවත් තාමාගෙන් දිනපොත ඉල්ලාගත් බවත් ඔහුගේ ශරීර ලක්ශන වෙනස් වු හැට්ත් පවසමින් නේවාසිකාගරයට පියමනින්නට විය!!

ඇල්බස් මම හිතන්නෙ මට මෙ ගැන ඔයාට හෙට උත්තරයක් දෙන්න පුලුවන් අනිවාරෙය්න්ම මම අද මුලු රෑම දිනපොත ගැන හොයන්නම්!!!


ඔවුන් එකිනේකාගෙන් සමුගත් අතර ඇල්බස් සහ පීටර් තමන්ගේ නේවාසිකාගාරයට ගිය අතර පීටර් ඇදට වැටී නිදාගන්නට සැරසුණද ඇල්බස් මාහාචර්ය හැග්ඩ් දුන් අභයාසය කරන්නට සුදානම් විය!

ඔහු අභ්‍යාසය කිරීමට සැරසුනා පමනී කවුරුන් හෝ කෙනෙකු කෙදිරි ගාන හඩක් ඔහුට ඇසෙන්නට විය ඉතාමත් වේදනාවෙන් යුතුව 

පෝටර්!!! සමාවෙයන් මට!!!පෝටර්ර්!!!!මගේ ආත්මයට නිදහසක් ලබාදියන් පෝටර් !!!!හැග්‍රිඩ්ගෙන් උබේ උරුමය ඉල්ලගෙන අතීතේ උපද්දවපන් පෝටර්!!!!

ඇල්බස් වහා වටපිට බලන්නට විය  පීටර්ගේ ගෙරවිලි හඩ  සහ ඉටිපන්දම් එලිය හැර වෙන කිසිම දෙයක් නොවීය!!!!!


පෝටර් උබ තමයි උරුමක්කාරයා!!!පෝටර්!!පවුලේ දෙවනියා උඹ!!උඹ තමයි අතීතේ උපද්දවන්න හොග්වර්ඩ් ආපු එකා!!එකෙකුටවත් වෙන දේවල් නවත්තන්න බැහැ පෝටර් හැමදේම නැවතතත් සිද්ද වෙනවා!!හැග්‍රිඩ්ගෙන් උරුමය ඉල්ලගනින් පෝටර්!!!!!!


නැවතත් පෙර ආකරයටම ඇල්බස්ගේ කනට කොදුරන වේදනාත්මක හඩ ඇසෙන්නට විය !! අදුරු මායාවක් තමන් වට සැරිසන බවක් ඔහුට සිතිණ නමුත් මේ සිදුවන සියලු දේම තමා හැග්‍රිඩ් සහ නෙවිල් කතා කරන දේවල් අසා සිටි නිසා තමාගෙ සිත තුල ඉපැදුණු සිතලුවක් දැයි සැකසිතින!


ඒ කෙසේ වෙතත් තමන් මේ සියලු දෙ පිලිබදව රෝස් සහ පීටර් හට පැවසිය යුතු බව සිතුනත් මේ ඒ සදහා වෙලාව නොවන බව තේරුම් ගියේ පීටර්ගේ ගෙරවිලි හඩ නේවාසිකාගාරය පුරා රැව්පිලිරැව් දෙන්නට වූ නිසාවෙනී!!!!


15 වෙනි කොටසෙන් කතාව ඉවරයී!!!!

Comments

Popular Posts