පෝටර්ගේ ආගමනය 9

9 වෙනි කොටස !


ඇල්බස් !! ඇල්බස් !!ඇල්බස්!!!!  ඉක්මණට ඇහැරෙන්න !!! මොකද ඔයා මේ මේසේ උඩ නිදා ගත්තෙ මෙච්චර හොද ඇදක් තියාගෙන නැගිටින්න අද ක්විඩ්ච් කණ්ඩායමට කට්ටිය තෝරනවා!!!!! පීටර් ගේ කෑ ගැසිම නිසා ඇල්බස් අවදි උනා මිසක ඔහුගේ ඇගපත දැඩිව රිදුම් දෙන්නට වූයේ පෙරදින රාත්‍රියේ ලොව සිටින විශ්මිතම මායකරුවෙකු සමග සටනක් තමා තනිවම මෙහෙයවු අයුරකිනි!

 සුභ උදෑසනක් පීටර් !!ඇල්බස් තම නලල පිරිමදිමින් පීටර් දෙස බලමින් පැවසුවේය!

ඉක්මණ් කරන්න ඇල්බස් අද වගේ දවසකවත් ඔයාට ලෑස්ති වෙන්න බැරිද ඉක්මනට !යැයි පවසමින්  පීටර් ඇල්බස්ව දිරිමත් කරන්නට විය!!!

ආ ඇල්බස් මට කියන්න අමතක උනා ! !ඔයා  ක්විඩ්ච් තරග තේරිම් කරන වෙලාවට් මමයි රෝසුයි පුස්තකලෙට යන්න හිතාගෙන ඉන්නෙ මට අද උදේ එයා හම්බුණා මන් හිතන්නෙ එයා මොනවා හරි හොයාගෙන අර දිනපොත ගැන! යැයි පීටර් පැවසුවේ ඇල්බස් තම ලෝගුව දමාගන්නා අතරතුරය!


ඔවුන් නෙවාසිකාගරයෙන් පිටතට ගිය අතර ඒ යන විටද කොරිඩෝව අසල කෙටි බැම්මක හිදගෙන රෝස් පොත් පත් දිගහැරගෙන යම් දෙයක් සොයන බවක් ඇල්බස් සහ පීටර් දුටුවේය!

අනේ ඇත්තමයි ඇල්බස් මෙයාට නිදාගන්නවත් වෙලාවක් තියනවාද දන්නෙ නැ කොයි වෙලේ බැලුවත් මොකක් හරි පොතක් උස්සගෙන තමයි ඉන්නෙ !!!

ඒක නම් ඇත්ත! ඇල්බස් සහ පීටර් එකිනෙක දෙස බලමින් සිනාසෙන්නට වූ අතර ඔවුන් රොස් ලගටම ගිහින් සිටගන්නා තුරුම ඇය ඔවුන් දෙදෙනාව නොදුටු අතර එකවරම තමා ලගට කවුරුන් පැමිනියාදැයි හිස ඔසවා බැලු අතර ඇය යම් කරුණක් පිලිබදව සිතේ කනස්සල්ලෙන් සිටි බවක් ඔවුන්ට දිස්විය!1


ඇල්බස් මම කියන්න යන දේ අහලා ඔයාට හිතෙයි මට පිස්සු කියල මේ බලන්න කිසිම ඉතිහාස පොතක නැ ටොම් රීඩල් ගැන සමහරවිට මම හොයපු එවාගෙ නැතුව ඇති ඒත් මම මගෙ උපරිමෙන් උත්සහ කලා බලන්න ඇල්බස් මම හොයා ගත්ත දේ ඇය යම් නමක් ලියූ කොල කැබැල්ලක් ඇල්බස් අත තැබීය !!!

ලෝඩ් වෝල්ඩ්මෝර්ට් ( LORD VOLDERMORT ) ටොම්ඩ්ල් රීඩල් මාවලෝ ( TOM RIDDLE MARVOLO ) දෙයියන්ගේ නාමෙට රෝස් ඔය මොකක්ද මේ භූතයාගෙ නම කොල කෑලි වල ලියාගෙන කරන්නෙ !!!පීටර් ඇල්බස් අත තිබු කොලය දෙස බලාගෙන විස්මයෙන් ඇසීය

නෑ පීටර් මේ නම් දෙකම එකක් මේ බලන්න ටොම් රිඩල් මාවලෝ කියන නමෙ තියන අකුරු එහා මෙහා කරලා තමයි ලෝඩ් වෝල්ඩමෝට් කියන නම හැදිලා තියෙන්නෙ ඒ කියන්නෙ මෙ දෙන්නාගෙ මොකක් හරි සම්බන්ද්හයක් තියනවා ඇල්බස් රෝස් සහ පීටර් දෙස බලමින් පැවසීය

දෙන්නා නෙමෙයි ඇල්බස් මේ දෙන්නම එක්කෙනෙක් අපි මීට කලින් මයාගල ගැනයි ග්‍රිෆොන්ඩෝර් කඩුව ගැනයි බැසිලිස් ගැනයි ඔලු තුනෙ ප්ලෆි ගැනයි අහපු කතා සේරම බොරු මේ වෝල්ඩමෝට් කියන්නෙ ටොම් රීඩ්ස්ල්ගේ අතීතයයි වර්තමානයයි අතර සම්බන්ද්හයක් ඔයාගෙ තාත්තට පොඩිම කාලෙ කරපු පහර දීමෙන් පස්සෙ ආයිත් වෝල්ඩමෝට් ඇවිල්ලා තියෙන්නෙ ටොම් රීඩ්ල්ගේ දිනපොත උපකාරයෙන් එතකොට ඒ දිනපොත උපයෝගී කරගෙන ආපු  වෝල්ඩමෝට්ට ශක්තිය ගන්න තමයි මායගල ඕනේ වෙලා තියෙන්නෙ ඔයාගෙ තාත්තා තමයි මේ දිනපොත විනාශ කරලා තියෙන්නේ  එත් එයාලා අපට කිවුවෙ ඒ කතාවලින් භාගයයි!මට ඒවා කියන දවස්වලම ඒවගෙ යම් කිසි නොගැලපීම් තේරුණා මොකද තාත්තට කවදාවත් හරියට බොරුවක් ගලප ගන්න බෑ !!!අනික කිසිම හේතුවක් නැතුව එයාලා කිවුව විදියට බැසිලිස් කියලා සර්පයෙක් ඇවිල්ල ස්ලිදරීන් වල උරුමක්කාරයා අරන් රහස් කුටියට ගියාම උරුමක්කාරයා බෙරගන්න ග්‍රිෆන්ඩො කඩුවෙන් බැසිලිස්ව මරලා නෙමෙයි තියෙන්නෙ !රෝස්  එක දිගට තම කරුණු දිග හරින්නට විය !

ටොම් රීඩල් ගැන හොය ගන්න බැරි උනාට මම එක දෙයක් හරියටම හොයා ගත්තා ඇල්බස් ඒ තමයි මායාගල තාම තියනවා කොහෙ හරි ගොඩක් සුරක්ශිත විදියට !මයාගල හැදුවෙ නිකලස් ෆ්ලැමල් ඔහු ඒ  මයාගල උපයෝගි කරගෙන ඔහුගෙයි ඔහුගෙයි බිරිදගෙයි ආයු කාලය ශත වර්ශ හයක් යනකන් දික් කරගෙන තියනවා කෙටියෙන්ම ඔහු මියයනකොට ඔහුගෙ වයස අවු 665 ක්….මායාගල විනාශ කරන්න ඇල්බස් ඩම්බල්ඩෝර්තුමයි නිකලස් ෆැම්ලුයි උත්සහ දරලා තියනවා ජනප්‍රවාද වල තියන විදියට ඒක එයාලා විනාශ කරලා නමුත් මම හොයාගත්ත කරුණූ එක්ක බැලුවම එක තවමත් හොග්වර්ඩ් වල කොහෙම හරි තැනක තියනවා !මන් හිතන විදියට ඒක තියෙන්න හොදම තැන ප්‍රදානාචාර්යතුමාගෙ කුටිය !

විශිෂ්ඨයි රෝස් !! ඔයා නම් කියලා වැඩක් නෑ ඒ කියන්නෙ ඊයේ මට ඇහුණ කටහඩ හරී! මට ඇහුණා කවුරු හරි කෙනෙක් මට කතා කරනවා!කවුරු කෙනෙක් ගොඩක් වේදනාවෙන් මට කිවුවා මම තමයි අතීතය උපද්දවන කෙනා මගේ උරුමය හැග්‍රිඩ් මහාචාර්යතුමාගෙන් ඉල්ල ගන්න කියලා!

ඒ කියන්නෙ ඔයා තමයි මායාගලේ උරුමක්කාරයා !! නිකලස් ෆ්ලැමෙලුයි ඔයයි සම්බන්ද වෙන්නෙ කොහොමද ඇල්බස්??? පීටර් විස්මයෙන් ඇල්බස් දෙස බලමින් ඇසීය !

මම හිතන්නෙ ඒ මම නෙමෙයි සමහරවිට වෙන මොනවා හරි දෙයක් හැග්‍රිඩ් මහාචාර්යතුමා ලග ඇති !අපට හරියටම කියන්න බෑ සමහරවිට ජනප්‍රවාද ඇත්ත වෙන්නති මේ ව්න විටත් මායගල විනාශ කරලා ඇතී!

නැහෑ මම ඒක නම් කොහොමව්ත් පිලිගන්නෙ නැ ඇල්බස් හැම දේම මයා ඉතිහාස පොත් වල ලියවිලා තියනවා ඔය කියන ටො මාවලෝ ගැන හැර සමහර විට එයා ගැනත් මම කියවපු පොත් වල හැර අනිත් මොනවාගෙම හරි ලියවිලා තියෙනවා වෙන්න පුලුවන් ඒත් මායාගල ගැන කියවපු එකම තැනකවත් ඒක විනාශ කරන්න එකග උනා කියලා තියනවා මිසක් ඒක විනාශ කරපු විදිය ගැන සදහනක් නැහෑ!1

සමහරවිට රෝස් ඒවාත් ඔයා නොකියපු පොත් වල තියනවද දන්නෙ නෑ !පීටර් එලෙස පැවසු විට රෝස් ගේ මුහුණ තරහෙන් පුපුරන්නට විය!!

ඇල්බස් ඔයා යන්න දැන් මම හිතන්නෙ ක්විඩ්ච් තරග තේරිම් දැන් පටන් අරන් ඇති මමයි පීටරුයි යනවා අදුරු මායකර්ම පංතියට මහාචාර්ය ඩියැග්‍රොරි දැනටමත් ඇවිල්ලා ද දන්නෙ නෑ එහෙම උනොත් නම් දෙයියන්ගෙ නාමෙට අපි දෙන්නට අද එදාටත් වඩා හොද බැනුමක් අහගන්න පුලුවන් අනිත් එක මොන දේකට පලවෙනි වසර සිසුන්ට අදුරුමායකර්ම විෂය උගන්නවාද එ වෙනුවට මයා සංස්කෘතිය වගේ විශයක් තිබ්බ නම් හොදයි රෝස් එක දිගට කියාගෙන ගියේ තරහ පිරුණූ මුහුණ කෙමෙන් සිනාවෙන් සරසා ගනිමිනී 

මම යනවා !! ඔයාලා ඉක්මනට යන්න මං ක්විඩ්ච් තෙරිම් වලට ගියා කියන්න අමතක කරන්න් එපා!

ඒ සමගම ඔවුන් එකිනෙකාගෙන් වෙන්වූ අතර ඇල්බස් වහා ක්‍රීඩාපිටිය වෙත පියනගන්නට වූ අතර ඔහු එහි යන විටත් සිසුන් පිරිසක් කොසු මත නැගි එහා මෙහා යමින් සිටියේය….ඈතින් මහාචාර්ය  නෙවිල්  සහ ග්‍රිෆන්ඩෝර් කණ්ඩායමෙ කණ්ඩායම් නායකයා සිටි අතර ඔවුන් ඇල්බස් දුටු විට ඔහු දෙස බලා කුමක් හෝ දෙයක් ගැන සාකාච්චා කරන්නට වූ බව ඇල්බස් දුටුවේය!

ඕහ් පෝටර් එන්න අපි හිතාගෙන ඉනෙ ඔයා අනිවාර්යෙන්ම ඔයා අපේ නිවාසේ බේරගනී කියලා හරියට ඔයාගෙ තාත්තා වගෙ අනිත් වැදගත් දේ තමයි ඔයාගෙ අම්මත් ක්ව්ඩ්ච් ක්‍රිකාවක් නිසා මන් හිතන්නෙ ඔයාට කොස්සක නැගලා යන හැටි අමුතුවෙන් කියලා දෙන්න උවමනා වෙන්නෙ නැ !!

ඒත් සමගම කණ්ඩායම් නායකතුමා කොස්සක් ගෙන ඇල්බස් අත තැබූ අතරමහාචාර්ය නෙවිල් ස්ව්න්ච් බෝලයක් ගෙන 

ඇල්බස් මේ තියෙන්නෙ අපි මන්තරයක් උපයෝගි කරලා යම් ප්‍රමානයක් පාලනය කරලා තියන ආදර්ශ ස්න්ච් බෝලයක් මේක අපි යොදාගන්නෙ නිවාස කණ්ඩායමට සිසුන් තෝරගැනීමේ පහසුවට අපි මෙක නිදහස් කලාම මේක විනාඩියක් අහසෙ සෑරිසරලා බිමට වැටෙනවා මේක විනාඩියක් ඇතුලත අල්ලා ගන්න දැනට කිසිම සිසුවෙක් සමත් වෙලා නැහැ මොකද ස්නිච් බෝලයක් විනාඩියක් ඇතුලත අල්ල ගන්නවා කියන්නෙ ටිකක් අමරු වැඩක් නමුත් අපි ක්‍රීඩකයාගෙ වේගෙයි කොස්ස හැසිරවීමෙ දක්ශතාවයයි සලකලා බලලා ඔහුව කණ්ඩායමට තෝරගන්නවා ! ඔයා ලෑස්තිද ??

ඔව් මහාචාර්යතුමා හැරී කොස්ස මතට නැගෙමින් එලෙස කීවේය

හොදයි එහෙනම් ඔන්න දැන් අපි ස්නිච් බෝලේ අත අරිනවා!!! ඔයා ගෙ වෙලාව දැන් ඉදන් පටන් ගන්නවා යැයි පැවසු අතර ඒහ් සමගම ස්නිච් බොලය සුළං කපාගෙන ඉහල අහසට යන්නට වූ අතර ඇල්බස් ද ඒත් සමගම ස්නිච් බෝලය පසුපසින් යන්නට විය!

මං හිතන්නෙ මහාචාර්යතුමා මිනිහා ලොකු අමාරුවක වැටෙන්නෙ ඔය විදියට උඩට ගියොත් නම් දැනටමත් සෑහෙන දුරක් ගිහින් ඔහුට අමතක වෙලා මේක නිම්බස් 3001 කියලා සමහරවිට ඔහු මේ ජාතියෙ එකක් පදින පලවෙනි අවස්තාව වෙන්නති මොකද මේක වෙළදපලට ආවෙත් ඔහු පාසලට ආවට පස්සෙ!! කණ්ඩායම් නායකයා එලෙස පැවසුවේ ඇල්බස් ඉහල අහසට යන වේගය අනුව ඔහු ඉහලදි කොස්ස ගල් ගැසී කැඩි යැතැයි බියෙන්  විය හැක 

ඒක ගැන නම් මටත් ටිකයි සැකයි මොකද මටත් මතක් කරන්න අමතක උනා කොස්ස ගොඩක් වේගවත් කියල අනිත් ඒවාට වඩා කමක් නෑ බලන් ඉමු යැයි මහාචාර්ය නෙවිල් සහ කණ්ඩායම් නායකයා ඉහල අහස දෙස බලාසිටිමින් පැවසූ අතර ඇල්බස් ඒ සමගම වලාකුලු අතර නොපෙනී ගියේය

ඒ ක්ශනයේම ස්න්ච් බෝලය වේගයෙන් වලාකුලු අතරින් පහලට එනු දුටු මහචාර්ය නෙවිල් මහ විනාසයක් වෙන්න යන්නෙ යැයි පැවසුවේ එය එන වෙගය අනුව ඒය නවතින්නෙ පොලවේ වැදී බව දැනගන විය හැක

ඒත් සමගම ස්නිච් බෝලය පසුපස එය අල්ලා ගැනීමෙ අරමුණින් අතක් දික් කරගනිමින්  පැමිනි ඇල්බස් මහ පොලව කෙලින් ඊයක වේගයෙන් පැමිණි අතර ක්‍රිඩා පිටියේ සිටි සියලු දෙනා ඒ දෙස බලා සිටියේ ඔහු කෙසේ කොස්ස නවත්වා ගනීද යන බියෙනි !

නමුත් පොලොවට අගල් පහක් හයක් දුර තියා ඇල්බස් කොස්ස කෙලින් කර ගැනීමට සමත් වූ අතර ඔහු දෙස බලා සිටීම නිසා ස්න්ච් බෝලය ගැන අවදානය සියල්ලන් අතරින් මිදි ගියේය !ඒත් සමගම ඇල්බස් නැතත් කෙටි දුරක් ගුවන දෙස ගොස් තම දකුණු අත ඔසවා රන් පැහැති ස්නෙච් බොලය මහාචාර්ය නෙවිල් දෙසට පෙන්වන්නට විය!

විශිස්ටයි ඇල්බස් විශිස්ටයි මම දුටු හොදම රැකගැනීම් වලින් එකක් මේ විශිටයි ඔබ අනීවාර්යෙන්ම  දක්ශයෙක් ඔබේ පියා වගේම නෙවිල් සතුටින් කෑමොර දෙන්නට වූ අතර ක්‍රිඩාගරයේ සිටි සියලු දෙනාගෙම අත්පොලසන් මද්දෙ ඇල්බස් කොස්සෙන් බිමට බැස ගෙන මහාචාර්යතුමා අසලට පැමිනියෙය

පෝටර් හෙට අපි උදේම ක්විඩ්ච් පුහුණුව ආරම්භ කරනවා මම බලාපොරොත්තු වෙනවා ඔයා උදේ හයටවත් මෙතන්ට ඇවිල්ලා ඉදි කියලා!මේ ඉන්නේ  ෆ්ලැමෙල් මේයා තමයි කණ්ඩායමෙ නායකයා මන් හිතනවා ඔය දෙන්නට පුලුවන් මේ අවුරුද්දෙ අපිව ගොඩදාන යැයි පවසමින් මහාචාර්ය නෙවිල් එතනින් පිටත්වන්නට විය

කොහොමද පොටර් මන් හිතන්නෙ ඔයා තමයි මම හොග්වර්ඩ්ස් වල දැකපු නිර්භීතම සීකර් එච්චර පොලොව මට්ටමට යනකන් කිසිම කෙනෙක් යන්නෙ නැහැ සමහරවිට මැරෙන් නැති වෙයි කියන විශ්වාසය ඔයා ලග ඇති!!යැයි ෆ්ලැමෙල් ඇල්බස්ට අතට අත දෙන ගමන් පැවසීය!

ස්තූතී !!! මට දැන් යන්න පුලුවන්ද ෆ්ලැමෙල් මොකද මට අදුරු මායාකර්ම පාඩම තියෙන්නෙ මහාචාර්ය ඩියැග්‍රොරි යටතේ !

දෙවියනේ යන්න ඇල්බස් ඔහු වැඩිය සිසුන් ක්ව්ඩ්ච් සෙල්ලම් කරනවට ආස කෙනෙක් නෙමෙයි!ඉක්මනට යන්න !

ඇල්බස් ඔහුගෙන් සමුගෙන පිටව ගිය අත​ර පංතිකාමරය වෙත දුවන්නට විය නමුත් අතරමග ඔහුට මහාචාර්ය හැග්‍රිඩ් හමුවිය!!!

ඇල්බස් කොහෙද හිටියේ මම ඔයාව හොයන්න පංතියට ගියාම ඩියැග්‍රොරි මහාචාර්යතුමා කිවුවා ඔයා අද පංතියට සහභාගි උනෙ නැහැ කියලා එ පිලිබදව ඔයා මහාචාර්යතුමාව දැනුවත් කරලත් නැහැ!ඔයා කොහෙද හිටියේ සාද්හාරණ හේතුවක් තියනවා නම් කියන්න ඇල්බස් බොරු නම් කියන්න එපා මොකද මට පෝටර් කෙනෙක් බොරු කියනකොට හොයා ගන්න පුලුවන් යැයි ඔහු සිනාසෙමින් ඇල්බස් හට පැවසීය!!

මම හිටියෙ ක්ව්ඩ්ච් කණ්ඩායම් තේරිම්  ස්තානයෙ මහාචර්යතුමනි ඔවුන් මාව කණ්ඩායමට තෝරගත්තා !

විශිෂ්ටයි ග්‍රිෆ්න්ඩො කණ්ඩායම මම මෙහෙ ප්‍රදානාචාර්ය උනාට පස්සෙ එක්වරක්වත් තවම ක්විඩ්ච් තරගයක් දිනලා නැ මම හිතනවා ඔයට පුලුවන් වෙයි ඒක වෙනස් කරන්න ඒ මොනවා උනත් ඇල්බස් මම හිතන් හිටියේ ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඊයෙ ඔයාලට ගෙවත්තෙන් හම්බුන දෙ ගැන මහචාර්ය නෙවිල් මට ඒ ගැන කිව්වා!ඒක බොහොම පුදුම දෙයක් ඇල්බස් ඒක තිබුණේ මගේ කාමරේ මට තියන ප්‍රශ්නෙ කොහොමද ඒක ගෙවත්තෙ අඩි ගානක් යටට  ගියෙ කියන එක!

මොකක් ?? මහාචාර්යතුමනි මම ඇත්ත කියන්නෙ මන් වගේම රෝස් පවා දැක්කා ඒක !!පීටර් ඒක හොයාගත්තේ මැල්ෆොයි වැරදි මන්තරයක් කියලා හාරපු වලේ තිබිලා!

මන් දන්නවා ඇල්බස් ඔයා මට බොරු කරන්නෙ නැහැ අනික මම ඒක දැක්කෙ දැනට සති ගානකට කලින් මට හිතෙන්නෙ ආයිත් කවුරු හරි කෙනෙක් මගෙ කාමරේට හොරෙන් ඇවිල්ලා මන් හිතන්නෙ මන් නැවතත් රහස් පදය වෙනස් කල යුතුයි!!කොහොම නමුත් ඇල්බස් මට තාම සැකයි මම හොද ප්‍රදානාචාර්ය කෙනෙක්ද කියලා  මට මගේ කාමරේ තියනදේවල් වත් පරිස්සන් කරගන්න බෑ වගේ!! ඔවුන් කොරිඩෝව දිගේ ඉදිරියට යමින් සිටි අතර හැග්‍රිඩ් කනස්සල්ලෙන් යුතුව කතා කරන බවක් ඇල්බස්ට තේරුම් ගියේය!

නැහැ මහාචාර්යතුමනි ඔබ ඉතාම හොද කෙනෙක් ඒක ඔබෙ නොසැලකිලිමත්භාවය නෙමෙයි මම හිතන්නෙ ඒක හොරෙන් ඇතුලු උනු කෙනාගෙ තියුණුභාවය !ඔබ ඒ ගැන වැඩිය හිතන්න එපා !!තාත්තා හැමවෙලේම කියන්නෙ හැග්‍රිඩ් කියන්නෙ ඔනේ දෙයක් ගැන හොදට හිතලා බලලා තීරණ ගන්න කෙනෙක් කියලා මන් හිතන්නෙ මගෙ තාත්තා නිවරදී!

ඕහ් ඇල්බස් ඔබත් හැරී වගේමයී!!ඔහුත් නිතරම ප්‍රශ්නයක් උනාම මගෙ සිත සනසන එක කරනවා ඔය වගේම !!හැබැයි මන් හිතන්නෙ ඔයාට මගෙන් මොනවා හරි දෙයක් අහන්න තියනවා!එහෙම නේද   ඇල්බස්!!

අ..අ..ම්ම්ම්ම්….මහාචාර්යතුමණි මයා පාශාණය විනාශ කල හැටි ගැන කිසිම සදහනක් තියනවද ??

ම්ම් ඒ ගැන නම් මමත් දන්නෙ ඔයාලා දන්න ටිකම තමයි ඇල්බස් මම හිතන්නෙ ඩම්බල්ඩෝර්තුමයි ෆ්ලැමෙලුයි අනිවාර්යෙන්ම ඒක විනාශ කරලා ඇති!!


ඔබ දැන් කිවුව නම ෆ්ලැමෙල් කියලා නේද මහාචාර්යතුමණී ඒ නමම තියනවා ක්විඩ්ච් කණ්ඩායමේ නායකයට රෝස් මට අද උදේ ඔය නම ගැන කිවුවා ඒත් මම කල්පනා කලා ෆ්ලැමෙල් මට අතට අත දෙද්දි කොහෙන්ද මම ඒ නම මීට කලින් කිවුවෙ ඇහුවෙ කියලා!

ඔව් ඇල්බස් ස්මිත් ෆ්ලැමෙල් කියන්නෙ නිකලස් ෆ්ලැමෙල්ගෙ මුණූපුරෙක් !මන් හිතුවෙ ඔහු ඔබට ඒ ගැන කියන්න ඇති කියලා!

නැ මහාචාර්යතුමනී ! මට ඔහු ඒ ගැන කිවුවෙ නැහැ ඒත්….ඇල්බස් යමක් පැවසීමට ගොස් එය බොහොම අමාරුවෙන් යලිත් ගිල ගත් අතර 

ඒත් මොකද ඇල්බස් ??

නැ මහාචාර්යතුමණී එත් ඔහුට ඒ ගැන මට කියන්න තිබ්බා! යැයි වහා බොරුවක් ගොතා පැවසු අතර එය  හැග්‍රිඩ් විශ්වාසකල බව ඔහු සිතීය!!!

ඒත් සමගම මාහාචාර්ය නෙවිල් සහ බිරී පැමිණේනවා දුටු හැග්‍රිඩ් හොදයි පෝටර් ඔයාට දැන් යන්න පුලුවන් මන් හිහන්නෙ මැජික් අමාත්‍යංශෙන් හිපොග්‍රිෆ් ගැන යෝජනාවට එකග වෙලා වගෙ ඒකයි නෙවිල් එනවා ඇත්තෙ යැයි පවසමින් ඔහු ඇල්බස්ට සමුදෙන්නට විය!


ඇල්බස් කොරිඩෝව දිගේ ඉදිරියට ගිය අතර පැරැණි වැසිකිලිය අසලදි ඔහුට රෝස් සහ පීටර් හමු වූ අතර මාව එයාලා කණ්ඩායමට තෝරගත්තා හෙට උදේ ඉදන් මට පුහුණුවිම් යැයී පවසන්නට වූ අතර පීටර් සහ රෝස් සතුටු පිරි දෙනෙතින් යුතුව ඔහුව බදගන්නට විය!

ඇල්බස් අපි හොයා ගත්තා අතීතය උපද්දවනවා කියන්නෙ මොකක්ද කියලා!

මන් හිතන්නෙ මට ඊට් කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා මම හොයා ගත්ත කවුද මායාගලේ වර්තමාන උරුමක්කාරයා කියලා 

මොකක් ඔයත් ඒක හොයාගත්තද??? ඔයා කියන්නෙ ඔයා ඒක දැනන් හිටියා කියලද

නෑ රෝස් නිකලස් ෆැමෙල්ගෙ මුණූපුරා තමයි දැන් මායාගලේ නියම උරුමක්කාරයා ස්මිත් ෆැමෙල් ග්‍රිෆෙන්ඩොර් ක්ව්ඩ්ච් කණ්ඩායමෙ නායකයා !

රෝස් සහ පීටර් එකිනෙකාගෙ මුහුණ බලාගත් අතර අනිවාර්යෙන්ම ඔවුන්ගේ මුහුණු ඉරියව් වලින් දිස්වූයේ ඒ පැවසු දෙය සමග ඔවුන් එකග නොවන බවත් ය..

අහන්න ඇල්බස් මායගල එන්නෙ ඒක පාව්ච්ච් කරන්න ඔනේ කෙනාගෙ අතට නෙමෙයි ඒකෙන් කිසිම වැඩක් නැති කෙනෙක් අතට ඒ වගේම ගොඩක් අවංක කෙනෙක් අතට කලින් වතාවෙ මායගල ඔයාගේ තාත්තගෙ අතට ආවේ ඒක පාවිච්චි කරලා එයාට කරන්න දෙයක් හිතේ තිබුණෙ නැති හන්දා! මායාගලට උරුමක්කාරයෙක් නැහැ ඇල්බස් ඒක අතට එන කෙනා ඒක පාවිච්චි කරනවද නැද්ද කියලා තීරණය කරනවා හැබැයී ඒක විනාශ කරන්න පුලුවන් කොහොමද කියලා කිසිම තැනක සදහන් වෙලා තිබුණේ නැහැ අද මමයි පීටරුයි පුස්තකාලෙ පුරාම හෙව්වා ඒ ගැන!

හරී එහෙනම් ! ස්මිත් ඒක තමයි කිවුවෙ මැරෙන් නැති විශ්වාසය මං ළග ඇති කියලා ඒ කියන්නෙ ඔහු හිතන් ඉන්නෙ මායාගල මන් ලග තියනවා කියලා වෙන්නති සමහරවිට!!ඇල්බස් රෝස් ට සහ පීටර් හට තමා කොස්ස පාලනය කල හැටිත් ඒ ගැන අනෙක් අය පුදුම වූ හැටිත් ස්මිත් ෆැමෙල් පැවසු දෙයත් විස්තර කරන්නට විය!

ඒක නෙමෙයි මොකක්ද ඔයාලා අතීතය උපද්දනවා කියන දේ ගැන හොයා ගත්තේ?????

Comments

Popular Posts