පෝටර්ගේ ආගමනය 3

(මෙතැන් සිට 
  • එමා ග්‍රෙන්ජර් වීස්ලී - රෝස් ග්‍රෙන්ජර් වීස්ලී 
  — ට්‍රාග්‍රෝ මැල්ෆොයී - ස්කෝපියස් මැල්ෆෝයි විදියට වෙනස් වෙනවා හැබැයි මේක කර්ස්ඩ් චයිල්ඩ් නෙමෙයී!!!!

මේක cursed child එකේ සිංහල පිටපතක් නෙමෙයි එහෙම දෙයක් කරන්න තරන් වැඩ්ඩෙක් නෙමෙයි මම!!මේක ෆිල්ම් එක ඉවර උනු තැන ඉදන් ඉස්සරහට කතාව)

3 වෙනි කොටස !


තව දෙයක් හෙට ඔයාලාගෙ පංති පටන්ගන්නවා කවුරු හරි කෙනෙක් මෝඩ වැඩ කරලා නිවාසෙ ලකුණූ අඩුකරලා අහු උනොත් බලාගන පුලුවන්!!!! යැයි ශිශය නායකයා එක දිගට කියාගෙන යන ලදි නමුත් ඇල්බස් හෝ රෝස් ග්‍රේන්ජර් ඒ පිලිබදව කිසි උනන්දුවක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනා බිත්තිය වටා එල්ලා තිබූ චායරූප වලට වශී වී සිටි නිසාවෙනි!!!

පෝටර් සහ පීටර් මැගැනිගොල් පිරිමි ලමුන්ගේ පෝලිමෙ ඉදිරියට ගිය අතර පෝටර් රෝස් ග්‍රෙන්ජර්ගෙන් සමුගත් ගැනිමටද අමතක නොකලේය 

ඇල්බස් මම හිතන්නෙ අපි දෙන්නට අද රෑ වෙද්දී ඉවර කරන්න චොකලට් ගොඩක් තියනවා මම කෝච්චියේ එද්දී ගොඩක් දේවල් අරගත්තා මගේ ලොකු අම්මා මට  පවරලා දිලා තියන සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි! යැයි පීටර් එක දිගට කියාගෙන ගියේය 

නමුත් ඇල්බස්ට ගමන් තෙහෙට්ටුව නිසා චොකලට් ගැන දැඩි ආසවක් නොවීය 

මම හිතන්නෙ පීටර් ඔයා ඕවා කෑවා නම් හොදයි මොකද මන් ඕවාට වැඩි ආසාවක් නෑ දැන් !මට දැන් ඔනේ නිදා ගන්න ඔහු තමාගෙ ලෝගුව ඉවත් කරමින් ඇදට පැනගත් අතර ගමන් විඩාව නිසා ඔහු ඉක්මන් නින්දකට වැටුණේය!!!!!

පෝටර් නැගිටින්න පෝටර් !!උදැසන ඔහු අවදිවූයේ පීටර් මැගැනිගල්ගේ බෙරිහන් දීම ඇසුනු නිසවෙනි ඒ වෙන විටත් ඔහු තම ලෝගුව හැදගෙන සිටි අතර ඔහුගෙ අතේ මයා ලොවේ සතුන් යන පොතද විය ඉක්මනින් ලෑස්ති වෙලා පහලට එන්න පෝටර් මම යනවා රෝස් මට කතා කලා වැදගත් දෙයක් පෙන්නන්න එයා ඔයාවත් එක්කන් එන්න කියලා කිවුවා එත් ඔයා තාම මෙතන හන්දා මන් ගිහින් බලන්නම් ඔයත් ඉක්මනට එන්න!

එලෙස පවසමින් පීටර් වෙගයෙන් දිව ගිය අතර ඔහු පහලට බහින අතරමග ඔහුට තරප්පු පෙල අග සිටි රෝස් දැකගන්නට ලැබ්ණි 

රෝස් රෝස් මොකක්ද ඔයාට පෙන්නන්න තියෙන්නෙ කෝ මොකක්ද ඔයාට හම්බුණා කිවුවේ ඔහු මහ හඩින් ඇසුවේ තරප්පු පෙලින් වේගයෙන් පහලට බහින අතරය !! 

පීටර් කෝ ඇල්බස් මේක දැක්කාම ඔයාට වඩා පුදුම වෙන්නෙ ඇල්බස් මට විශ්වාසයී යැයි රෝස් පැවසූවෙ තමා අතැති පොත වහා වසා දමමිනි !

හරි මටත් ඒක කියන්න මමත් පුදුම වෙන්නම් මම ඔයාට පොරොන්දු වෙනවා!

නෑ පීටර් ආයිත් මට ඇල්බස් ආවාමත් ඒ කතාව කියන්න වෙනවා ඊට පස්සෙ ඒ හන්දා දෙන්නම ඉන්න තැනක කියන්නම්! 

රෝස් මන් හිතන්නෙ දැන් අපි ප්‍රමාදයි වගේ නේද මහචාර්ය හැග්‍රිඩ් දැනටමත් පංතියටගිහින් ඇති අනිත් එක රෝස් මම හිතන් හිටියේ එතුමා අපට උගන්වන්නෙ නැහැ කියලා මොකද එතුමා මේ විද්‍යාලේ ප්‍රදානාචාර්යතුමානෙ 

ඔව් මමත් මුලින් එහෙම තමයි හිතුවේ ඒත් මන් දන්න විදියට මයා සතුන් ගැන උගන්වන්න වෙන කිසිම කෙනෙක් නැහැ ඔහු තරම් සුදුසු මේ බලන්න අපට පලමු වසරෙ තියන මයා සතුන් ගැන තියන පොතත් ලියලා තියෙන්නෙ ම්හචාර්ය රූබීයස් හැග්‍රිඩ් 

හ්ම්ම්ම් ඔව් නේන්නම් මම ඒක දැක්කෙ නැති  හැටි ! ඔහු එලෙස කියනවාත් සමග ඇල්බස් තරප්පු පෙල දිගේ කඩිමුඩියේ එන බවක් පිටර් දුටුවේය

ආ මේ එන්නෙ ඇල්බස් යැයි ඔහු රෝස් දෙස බලමින් පැවසුවේය….

සුභ උදෑසනක් ඇල්බස් ඉක්මනට යමු අපි දැනටමත් ප්‍රමාදයි යැයි රෝස් පැවසුවේ ඇල්බස් ඔවුන්ට ළං වෙනවාමත් සමගය 

කරුනාකරලා කියන්න රෝස් ඔයාට මොකක්ද හම්බුණා කිවුවෙ දැන් අපි දෙන්නම ඉන්නවානෙ ! පීටර් නැවතත් ඇවටිලි කරන්නට විය!

ඇල්බස් , පිටර් ඔයාලට මතකද මහාචාර්ය හැග්‍රිඩ් කිවුවා ඇරගොග් ගොඩක් වයසයි ප්‍රහාරය සිදු කලේ ඇරගොන් නෙමෙයි කියලා 

ඔව් ඒක ඇත්ත තාත්තාත් ගොඩක් පොඩි කාලෙ තමයි ඌව පලවෙනියෙන්ම දෑකලා තියෙන්නෙ ඒ කියන්නෙ දැන් ඌ හරියට ඇවිදගන්නවත් බැරි සතෙක් වෙන්නතී
නෑ ඇල්බස් එහෙම නෙමෙයි 

ඔයා කියන්නෙ එයා තාමත් තරුණයි කියලද රෝස් ඔන්න එහෙම නම් ඔයා කියන දේ ඇත්ත අපට ඒකට නම් ගොඩක් පුදුමයි නේද ඇල්බස් යැයි පීටර් සිනාසෙමින් පැවසු අතර

රෝස් මදක් තරහින් යුතුව නෑ මන් කියන්නෙ දැන් එයා මැරිලා අවුරුදු ගානක් ! හැග්‍රිඩ් මහාචාර්යතුමා මේ පොතේ ඒ ගැන පැහැද්ලිව ලියලා තියනවා !!මේ බලන්න ඇය මයා සතුන් පිලිබද පොතේ මැද පිටුවක් පෙරලා එය ඔවුන්ට පෙන්වු අතර 

මෙකේ තියන ව්දියට ඇරගොග් කියන්නෙ හැග්‍රිඩ් මහචාර්යතුමා  ඇතිකල සතෙක් බැසිලිස් ඉන්න කාලෙත් ඇරගොග් ඉදලා තියනවා ඇල්බස් ඒ කියන්නෙ මේ සතා කොයිම මොහොතකවත් තාම ජීවත් වෙන්න විදියක් නැ….

බැසිලිස් ඒ මොකෙක් ද ඒ ??? පීටර් ප්‍රශ්නාත්මක ස්ව්භාවයෙන් ඇල්බස්ගෙන් සහ රෝස් ගෙන් විමසුවේය

බැසිලිස්  කියන්නෙ  මයාලොවේ හිටපු භයානක උරගයෙක් පීටර් ඒත් මට තියන ප්‍රශ්නේ ඇයි මහාචාර්යතුමා ඒ වෙලේ අපට බොරු කිවුවේ !! ප්‍රහාරය ගැන ඇරගොග් ගැන කතාවක් මවාපාලා මොකක්ද මහාචාර්යතුමා හැංගුවේ??

නෑ ඇල්බස් ඒක නෙමෙයි මෙතන තියන වැදගත්ම ප්‍රශ්නේ තමන් උගන්වන ව්ශය කියලා හොදටම දැන දැනත් මයා සතුන් පොතේ ඇරගොග් ගැන තියනවා කියලා දැන දැනත් එවගේ සාමන්‍ය බොරුවක් කියයි කියලා මම හිතන් නෑ

කතාවෙන් කතාවෙන් ඔවුන් පංතිකාමරය අසලට පැමිනි සිටි අතර පංතිය තුළ හැග්‍රිඩ් මහාචාර්යතුමා අසුන් ගෙන සිටි අතර අසල සිටි සතා දුටු ඇල්බස් සහ පීටර් තැතිගත් අතර රෝස් තමා මෙතෙක් දැකීමට බලාසිටි අයෙකු මුනගැසුනා මෙන් මුඛ අයාගන්නට විය!



























Comments

Popular Posts