පෝටර්ගේ ආගමනය Part 1

පෝටර් නැගිටිනවා!!!පෝටර් !!!පෝටර් ප්‍රෙට්‍යුනියා  නැන්දාගේ කුරිරු හඩ හැරිගේ දෙසවන් වල රැව්පිලිරැව් දෙන්නට විය ඔහු වහා දෑස් හැර බලන්නට විය නමුත් විස්මයකි ඔහු ඉදිරියේ සිටියේ කුරිරු ප්‍රෙට්‍යූනියා නොව ජිනී වීස්ලිය ඇගේ රත් පැහැ කෙස් සහ අලංකාර ඇස් තුලින් හැරීට යම් සහනයක් ලැබුණා නොඅනුමානය..පවුලක් නොමැතිව කුඩා කල සිට හැදි වැඩුණු හැරී දැන් පසු කරන්නෙ ජීවිතේ හොදම සමයයි !!අවසන් සටනින් පසු හැරි කිසිදිනක අදුරු මායාවල් වලට ද මුහුන දුන්නෙද නැත  !!


හැරී පෝටර් !!!! ඔබට මාව අභිබවා යා නොහැකී !! දැනට සිටින විශ්ඨම මායාකාරය තමයි මම !!පෝටර් මම ඔබට ද්වන්ද සටනකට එන ලෙස අභියෝග කරනවා 

ඇල්බස් මම ඔයාට කියලා තියනවා තාත්තයි මමයි කතා කර කර ඉන්නකොට  කිසිම ගරු සරුවක් නැති විදියට කාමරෙට එන්න එපා කියලා111

අනේ ජිනී ඒකට කමක් නෑ ඇල්බස් මෙහෙට එන්න ඔයා ලෑස්තිද හොග්වර්ට්ස් යන බඩු මුට්ටු ගන්න යන්න???

ඔව් මම ලෑස්තී ශේශ්ඨ මායාකාර පෝටර් මහතාණේනී !! රන්වන් පැහැති කෙස් රොදකට හිමිකම් කියූ අවුරුදු දොළහක පමණ කොලු ගැටයෙකු වූ ඇල්බස් හැරීගෙ ඇස් වල ඇති අහිංසකභාවයේ තවත් එක් කොපියක් යැයි කීව හැක!!!!

ජිනී ඔයා එන්නෙ නැද්ද අපි එක්ක මං හිතන්නෙ ඇල්බස් ගොඩක් සතුටු වෙයි එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම එයාගෙ බඩු මුට්ටු ගන්න දියැගොන් වලට ගියා නම්  !!

අනේ හැරී මම ඔයාට කිවුවා නේද මමයි මේ දවස එනකන් බලාගෙන හිටියේ එන්න පැටියෝ අපි දෙන්නා කතා කරගත්තු විදියට ගිහින් ඔයාට තියන හොදම දේවල් අරන් එමු හැරීගේ අත ගසා දැමූ ඇල්බස් ජිනී දෙසට දිවයන්නට විය!!

හැරී සහ ජිනී මේ දිනය එනතෙක් අවුරුදු දහනමයක් තිස්සෙ ඇගිලි ගැන්නෙය මන්ද යත් නැවතත් ඔවුන්ට හොග්වඩ්ස් බිත්ති අතර ඇති අමුතු විනෝදකාමි නිදහස් දිවිය විදින්නට නොහැකි උනද ඇල්බස් හොග්වඩ්ස් යැවූ පසු ටිකක් හෝ හොග්වඩ්ස් ගැන සොදුරු මතක ඔවුන්ගෙ සිත තුළට නිතර උද්දීපනය වන නිසාවෙනි.

අම්මේ මම ආසම දේ දැන් තියෙන්නෙ මට ඇත්තටම කියන්න මේ උදුන ඇතුලෙන් අපට දියැගොන් වලට යන්න පුලුවන්ද හැරි සහ ජිනි මුහුණට මුහුණ බලා සිනසුන අතර ඇල්බස් දෙස කාරුනික ලෙස බැලූ හැරී

ඇල්බස් මේ කුඩු ටික අරන් ඕක ඇතුලට ගිහින් දියැගොන් කියලා හයියෙන් කෑ ගහන ගමන් ඔවා කකුල් දෙක මුලට විසි කරගන්න හොදට මතක තියා ගන්න අපි යන්නෙ දියැගොන් වලට !! ඔව් ඇල්බස් දියැගොන් වලට ජිනීද නැවත එයම පවසා හැරි දෙස බැලුවෙ දිනක් හැරී කුඩා කල දියැගොන් වෙනුවෙට වෙනත් නමක් කියා අදුනෙන් පිටවු බව තවමත් ඇයට මතක බව අගවමිනි!!

ඒත් සමගම දියැගොන් යැයි පැවසු ඇල්බස් කොළ පැහැති ගිනි ජාලාවකින් වසා ගන්නට විය ඒත් සමගම හැරී සහ ජිනීද එලෙසෙම පිටවු අතර ඔවුන් එහි යන විටද දියැගොන් වීදිය සියදහස් ගනනින් හොග්වඩ්ස් ළමුන් සහ දෙමාපියන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබූ අතර ඇල්බස් දිවියෙ ප්‍රතම වරට අයිස් පලමක් කන දරුවෙකු මෙන් මුඛ අයාගෙන මෙම විදීය දෙපස ඇති  කඩසාප්පු දෙස බලමින් ඉදිරියට ඇදෙන්නට විය හමුවන සෑම දෙමාපියෙකුම පාහෙ කොහොමද පෝටර් මහත්තයා කොහොමද ජිනී යැයි පවසමින් තම දරුවන් සහ පොත් මලු උස්සන් දැඩ් කලබලයෙන් යුතුව එහා මෙහා යන්නට විය එය ඇල්බස්ට එතරම් හුරු පුරුදු නොවුවද හැරි සහ ජිනී මෙයට දැන් පුරුදු වී තිබිණි!!!!!

අම්මෙ දැක්කද කවුද අතන ඉන්නෙ කියලා යැයි පවසමින් ඇල්බස් රොන් සහ හර්මයිනි දෙසට ඇගිලි දිගු කරන්නට විය

 අවසානවතාවට ඔවුන් මුණ ගැසුනේ මහාචාර්ය මැගැනිගොල් ගේ අවමංගල්‍යෙන් පසුවය!!!!එදින අවසන් සටනට මුහුණ දුන් ශේෂ්ඨ් මයාකාරවරුන් සහ බොහොමයක් පැමිණ සිටි අතර හැරි රොන් සහ හර්මයිනි සටනින් පසු හමු වූ පලමු අවස්තාව එය වන අතර දියැගොන් වීදියේදි අද හමු වූයෙ දෙවැනි වතාවටය!!

ඒත් සමගම රොන් සහ හර්මයිනි වේගයෙන් ඔවුන් සිටි දිශාවට පැමිණී අතර හැරී සහ ජිනී එකිනෙකා සිප වැළැදගත් අතර ඔව්න් සමග සෑන් ග්‍රෙන්ජර් වීස්ලී වූ අවුරුදු දහයක් වයසැති පුතා සහ  එමා ග්‍රෙන්ජර් වීස්ලී වූ ඔවුන්ගේ දියණියද පෝටර් මහතා සහ ජිනී මහත්මියට ආචාර කල අතර 

ඇල්බස් මම හිතන්නෙ මමයි ඔයයි දැන් ඉන්න ඔනේ ඔලිවන්ඩර්ස් යශ්ටි සාප්පුවේ යැයි එමා ග්‍රේන්ජර් පැවසු අතර ඇල්බස් එමා පසුපසින් ඔලිවන්ඩර්ස් දෙසට දිවයන්නට විය…

යශ්ටි බහාලුම් තැන තැන වැටී තිබුණු අතර ඒ වන විට එහි සුදු පැහැ කෙස් වලට හිමිකම් කියන දරුවෙකු සහ ඔහුගේ පියා යශ්ඨි තෝරමින් සිටි අතර එමා ඇල්බස්ගේ කනට කොදුරමින්

මේ ඉන්නෙ ඩ්‍රැඩෝ..ඩ්‍රැගෝ මැල්ෆෝයී යැයි පැවසු අතර ඒ සමග මැල්ෆෝයි මහතා ඔවුන් දෙස බැලු අතර

ආ ඇල්බස් සෙවරස් පෝටර් !!ඇත්තටම ඔයාගෙ තාත්තට මැගැනිගොල්ගෙයි හැග්‍රිඩ්ගෙයි නම් අමතක වෙලා නැත්නම් ඔයාගෙ නම ඔයිට වඩා දික් වෙන්න තිබ්බා !!යැයි පැවසුවේ ඇල්බස් දෙස උපහාසාත්මක සිනහාවක් අයාගෙනය 

යමු ට්‍රාගෝ අපිට ඔනේ දේවල් අපි අරන් ඉවරයි ඇල්බස් දෙස රවාගත් මුහුණින් බැලු ට්‍රාගෝ මැල්ෆෝයිගෙ පසුපසින් ගමන් කලේ තමාගෙ අලුත්‍ යශ්ටිය ඒ මෙ අත වනමිනී!!

ඒත් සමගම යස්ඨි හලේ සිටි තරුණයා 

ඔ මිස්ටර් ඇල්බස් සෙවරස් පෝටර් සහ එමා ග්‍රේන්ජර් වීස්ලී මම මේ දවස එනකන් බලාගෙන හිටියා මගේ තාත්තා තමයි ඔයාගෙ අම්මලටයි තාත්තාලටයි සුදුසු මැජික් යශ්ටි තෝරලා දීලා තියෙන්නෙ මන් හිතනවා මට ඔයාලාට උපරිම සේවයක් ලබා දෙන්න පුලුවන්
මුලින්ම මිසිස් ග්‍රේන්ජර් බලන්න මේ යශ්ටිය ඔයාට ගැලපෙනවද කියලා යැයි පවසමින් යශ්ටියක් ග්‍රේන්ජර් අතර තැබූ අතර ඇය 

ලෙවෙන්ට්‍රෝ මැක්ස්ටා යැයි පවසමින් අසල මල් බදුනට යශ්ටිය දික් කල අතර මල් බදුනෙහි කැබලි එකිනෙක ඈති වී පාවෙන්ට විය..

ග්‍රෙන්ජර් මහත්මිය මම හිතන්නෙ යශ්ටිය ඔබව අදුන ගත්තා!! ඕක මකර අස්ති වලින් අවුරුදු පනහකට කලින් අප්‍රිකාවෙ හදපු යශ්ටියක් අගල් නමයහමාරක් දිග දැනට මා දැකපු විශිස්ටම යශ්ටි අතරින් එකක් ගොඩක් පරණ මායාකාරයො ඩ්‍රැගන් යශ්ටිය කියලා හැදින්වුයේ ඔය යශ්ටිය

ඊලගට පෝටර් මහත්තයා මම හිතන්නෙ ඔබ දැනටමත් ඔබේ යශ්ටිය තෝරගෙන වගේ යැයි පැවසුවේ ඇල්බස් අත තිබු අගල් දොළහක් පමණ දිග  කලු පැහැති යශ්ටිය දෙස දෑස් යොමු කරමිනි.

ඒත් සමගම ඇල්බස් යශ්ටිය අතට ගෙන 

එක්ස්පෙක්‍ට්‍රෝ පෙට්‍රෝනම් යැයි පවසා යශ්ටිය උඩට දික් කරන ලදි කිසිදු වෙනසක් නොවු අතර ග්‍රේන්ජර් සහ සාප්පු හිමියා එකිනෙකා දෙස බැලූ අතර 

පෝටර් මහත්තයා මම හිතන්නෙ මේක නෙමෙයි ඒ…….. ඉන්න මන් හිතන්නෙ දැනට නිර්මාණය කරපු විශේශම යශ්ටිය ඔබේ යැයි පවසමින්  අගල් දහයක් පමනැති සුදු පැහැති යශ්ටියක් ඇල්බස් අත තැබුවේය ඒත් පෝටර් මහත්තයා මේ පාර නම් පෙට්‍රෝනියම් මන්තරය කියන්න එපා වෙන එකක් කියලා බලන්න යැයි පැවසුවේ ගේන්ජර් දෙසද බලමිනි 

වින්ගාඩියම් ලෙවියෝසා යැයි පවසමින් යශ්ටිය මල් බදුන වෙත දික් කල විට එය පාවෙන්නට විය ඒක වැඩ කලා මම අවුරුදු දෙකක් තිස්සෙ මේක ඉගෙන ගන්නෙ යැයි පවසමින් ඇල්බස් තම යශ්ටිය ඒ මේ අත හරවමින් පරීක්ශා කරන්නට විය..

පෝටර් මහත්තයා ඕක බක්බීක් කෙනෙක්ගේ අස්තී වලින් හැදුන යශ්ටියක් ඕක හැදුවෙ කවුද කියලා අදටත් කවුරුත් දන්නෙ නෑ!!මොනවා උනත් මන් හිතනවා ඔයාගෙ තාත්තා වගේ ඔයත් විස්මිත දේවල් කරයි කියල යශ්ටිය ආරාක්ශා කරගන්න යැයි පවසමින් ඔහු ඔවුන් දෙදෙනාට සමු දුන් අතර ඒ සමගම ඔවුන් සාප්පුවෙන් එලියට පැමිණි අතර පෝටර් මහතා සහ ජීනී පොත් මලු සහ බකමූනෙකුද රැගෙන ඈතින් එනු දුටු අතර රොන් සහ හර්මයිනීද ඔවුන් සමග සිටියේ පොත් මලු සහ බකමූණන් අතේ හොවාගෙනය

ඇල්බස් මම හිතන්නෙ ඔය යශ්ටිය කීකරු ඔයාට විතරයි යැයි එමා ග්‍රේන්ජර් පැවසුවේ ඇල්බස්ගේ යශ්ටිය දෙස දෑස් යොමු කරමිනි

ඇයි ?? මොකක්ද ඒකට හේතුව

මං අහලා තියන විදියට බක්බීක් කියන්නෙ හැමෝටම අවනත වෙන සතෙක් නෙමෙයි අම්මා එක පාරක් මට කිවුවා බක්බීක් කේනෙක්ව ඔයාගෙ තාත්තයි අපේ අම්මයි කාලේ හරහා ගිහින් බේර ගත්තා කියලා !!

කාලෙ හරහා ගිහින්?? මට එයාලා ඔවාගෙ කතා මොකුත් කියලා නැ කෙටියෙන්ම මම අවසන් සටන ගැනවත් හරියට කියලා නෑ 

ඒ දේවල් ගැන මටත් කියලා නෑ ඇල්බස් මම ඒ දෙවල් හොයාගත්තා තාත්තා නැති වෙලාවට අම්මා මා එක්ක සමහර දේවල් කියලා තියනවා ඒ හන්දා ටිකක් විස්තර මම දන්නවා!!

ඒත් සමගම පොත් සහ බකමූණන් රැගෙන දෙමව්පියන් පැමිණී අතර 

ඇල්බස් මම හිතන්නෙ ඔයාට එහෙනම් ගැලපෙන යශ්ටියක් හම්බවෙලා යැයි හැරී පැවසුවේ ඇල්බස්ගේ යශ්ටිය සහ ඔහු එය තදින් අල්ලාගෙන සිටින අකාරය දුටු නිසාවෙනි

ඔව් බක්බීක් අස්ති වලින් හදපු එකක් 

මොකක් බක්බීක් කෙනෙක්ගෙ අස්ති වලින් ??? රොන් තම සුපුරුදු ප්‍රශ්නාත්මක ඉරියව් පෙන්නුම් කල අතර 

තාත්තේ මේක මකර අස්ති වලින් හදපු එක  එමා රොන් දෙස සිනාමුසු මුහුනින් යුතුව තම යශ්ටිය පෙන්වන්නට විය

ඩ්‍රැගන් යශ්ටිය නේද ඕක යැයි හරමයිනි සුපුරුදු  ලෙස අනුන්ගෙ ප්‍රශ්නයකට උත්තර දෙන්නට විය

ඇල්බස්,එමා යශ්ටියෙන් තීරණය වෙන්නෙ නැ දක්ශ මායාකරයෙක් වෙන්න පුලුවන්ද බැරිද කියන එක ඔයාලට ලොකෙ තියන වටිනම යශ්ටියහම්බුනත් වැඩක් නෑ ඔයා ලග මායාකරුවෙකුට ඔනේ කරන ගුණාංග නැත්නම් යැයි හැරී ඔවුන් දෙදෙනා දෙස බලා ඵැවසු අතර ජිනී සහ හර්මයිනී ද හිස වනමින් එය අනුමත කරන ලදී

මං හිතන්නෙ අපි ගන්න ඔනෙ සෙරම අරන් තියෙන්නෙ හෙට නමයයි තුන් කාලෙන් හම්බවෙමු එහෙනම් !!!යැයි රොන් පැවසු අතර ඔවුන් දියැගොන් වලට සමු දුන් අතර නිවසට පැමිනි පසු යස්ටිය බිම තැබුවේ එක් වරක් හෝ දෙවරක් පමනක් වන අතර ඔහු නිදා ගත්තේද යස්ටිය අතේ හොවාගෙනය 

ඇල්බස් හොග්වර්ඩ්ස් යන දිනය උදාවිය ජිනී සහ හැරී ඇල්බස්ට වඩා උද්‍යෝගයෙන් යුතුව ලෑස්තී වී සිටි අතර ඔවුන් දුම්රියපලට ගියපසු 

තාත්තේ ඔයාට විස්වාසද මට මේ බිත්ති ඇතුලෙන් මේ ට්‍රන්ක පෙට්ටිත් අරගෙන නමයයි තුන්කාලට යන්න පුළුවන් වෙයි කියලා??

 යන්න ඇල්බස් කිසිම දෙයක් හිතන්න එපා ඔයා නිකන් ඇවිදිනවා එතන බිත්තියක් නෑ කියලා හිතා ගන්න!!! 

ඒත් සමගම ඇල්බස් බිත්ති අතරින් නොපෙනී ගිය අතර හැරී සහ ජිනී ද ඔහු පසුපසින් ඇදෙන්නට විය 

ඔවුන් එහි යන විටත් හොග්වඩ්ස් එක්ස්ප්‍රස් දුම්රිය මෙන්ම දෙමාපියන් සහ දරුවන් බොහෝ දෙනෙකු එහි සිටි අතර රොන් සහ හර්මයිනි ද  ඒ වනවිටත් එහි පැමිණ සිටියේය ජිනී සහ හැරී ඔවුන් අසලට යෑමට සිතා ඉදිරියට වූ අතර ඇල්බස් තම සපත්තුවේ ලේස් එක ගැටගසා ගැනීමෙ අටියෙන් බිම හිදගත් අතර එය දුටු හැරී නැවතත් ඔහු අසලට ගොස් ඔහු අසලින් දණැ ගසා ගත්තේය

තාත්තේ ඔයා හිතනවාද මම ග්‍රිෆෙන්ඩෝ වලට තේරෙයි කියලා

ඇල්බස් සෙවරස් පෝටර් ඔයාගෙ නම දාලා තියෙන්නෙ හොග්වර්ඩ්ස් වල හිටපු ශ්‍රේශ්ඨතම ප්‍රදානාචාර්ය  දෙදෙනෙකුගේ නම් වලින් මට විශ්වාසයි ඔයා මොන නිවාසෙට තේරුණත් ඔයා හොද මායාකරයෙක් වෙයි කියලා!!!යැයි පැවසු හැරී ඇල්බස්ගේ ගැටගැසු ලෙස් එක තද කරමින්නැගී සිටි අතර ඔවුන් ද රොන් සහ හර්මයිනි සිටි තැනට එකතු විය

ඒත් සමගම ඇල්බස් සහ එමා දෙමාපියන්ට සමු දී දුම්රියට ගොඩවූ අතර ඈතින් ඩ්‍රැගෝ මැල්ෆෝයිද තම දරුවන්ට සමු දෙනු හැරී දුටුවේය ඔහුට තමාගෙ අතීතය මතක් වු අතර හර්මයිනීද දුම්‍ රිය දෙස බලමින් සිටි අතර ඇල්බස් සහ එමා ඔවුන්ට අත වැනීමට වීදුරුව අයිනට පැමිණී සිටියේය!!!

ඒත් සමගම හූ හඩ නංවමින් දුමිරිය ඉහලට ඇදෙන්නට විය දරුවන් බොහෝ දෙනා ජනෙල් අසලට වි තම දෙමාපියන්ට සමු දුන් අතර ඇල්බස් සහ එමා ද එයම කරන්නට විය !!

එමා ඔයාට පුළුවන්ද මට අවසන් සටන ගැන දන්න හැමදේම කියන්න ඇල්බස් තම මුව විවර කරන්නට විය

ඔව් ඇල්බස්….ඒත් මමත් ගොඩක් ව්ස්තර දන්නෙ නෑ වෝල්ඩමෝට් කියලා කෙනෙක් අදුරු මායාවන් තව එල්ඩර් යශ්ටියවගේ දේවල් ගැන එහෙන් මෙහෙන් ම්ම දැනගත්තා මන් හිතන් ඉන්නෙ මේ ගැන හොග්වර්ඩ්ස් පුස්තකාලෙන් තව විස්තර හොයාගන්න ඔක්කොම දැන ගත්තාම මම ඔයාට කියන්නම් සවිස්තරාත්මකවම


  
කතාවෙන් කතාවෙන් ඔවුන් හොග්වර්ස් වෙත ලංවී සිටි අතර දුම්රිය නැවතුණු පසු සියලු දෙනා පෝලීමට බැසගත් අතර 

මන් හිතන්නෙ දැන් මෙතන ඉදන් අපිට යන්න වෙන්නෙ තනියම ඉස්සර නම් මෙතන ඉදලා තියෙන්නෙ ප්‍රදානාචාර්ය රුබියස් හැග්‍රිඩ් මහාචාර්යතුමාලු ඇල්බස් ඒත් දැන් ඉස්සර වගේ අදුරු මායවන් නැති නිසා ප්‍රදානාචාර්යතුමයි මැජික් අමාත්‍යංසෙයි තීරණය කරලා තියනවා ළමයින්ට මෙතන ඉදලා තනියම යවන්න යැයි එමා එක දිගට කියවාගෙන යන්නට විය..

 ඇල්බස් එවාට උත්තර දිමට ප්‍රතම ඔවුන් බෝට්ටු වලට නැගීමට පෝලින් වීමට සිදුවිය ඇල්බස් සහ එමා එකම බෝට්ටුවෙන් හොග්වර්ඩ්ස් වෙත ළං වූ අතර පලමු වසරට ඇතුලත් වූ සිසුන් සියලෝම හොග්වඩ්ස් ප්‍රදාන ද්වාරය අසල සිටගෙන සිටි අතර 

නිශ්ශබ්ද වෙලා මං කියන දේ පැහැදිලිව අහගන්න යැයි පවසමින් තරමක් තරබාරු අයෙක් පැමිණියේය

ඒ ඉන්නෙ මහාචාර්ය නෙවිල් ලොංබොටම් යැයි එමා ඇල්බස්ගේ කනට කර කීවෙය හැරීද එය අනුමත කරමින් හිස සෙලවු අතර ඒත් සමගම යලිත් මහාචාර්ය තුමාගෙ හඩ ඇසෙන්නට විය

පළමු වසරට හොග්වඩ්ස් වලට පැමිනි ඔයාලා සේරම සාදරයෙන් පිලිගන්නවා වෙන සැරවල් වල ආපු ගමන්ම නිවාස වලට තේරීම පැවැත්වුවත් අද ඒක පැය තුනකට කල් දානවා මොකද ප්‍රදාන ශාලාවේ මැජික් අමාත්‍යංස ප්‍රදානීන් සහ  ප්‍රදානාචාර්ය හැග්‍රිඩ් ඊයේ සිද්ද වුන ප්‍රහාරය ගැන සාකච්චාවක්

ප්‍රහාරය ???ලමුන් සියලු දෙනාම එකම හඩින් අසන්නට විය!!!


Comments

Post a Comment

Popular Posts