පෝටර්ගේ ආගමනය 12
අ…. ම්ම්ම්.. ඇල්බස් මම මහාචාර්ය බීරී හම්බෙලා එන්නම් මට ඊයෙ පණිවිඩයක් එවලා තිබුණ අද හම්බෙන්න කියලා මම හිතන්නෙ එයාට දැනගන්න ඔනේ එදා මම මොකක්ද හොයාගත්තෙ කියලා !මන් හිතන්නෙ හැග්රිඩ් මහාචාර්යතුමා කියලා ඇති මට ටොම්ගෙ ඩයරිය හම්බුණා කියලා!
හරි පීටර් !අපි එතකන් පුස්තකාලෙ ඉන්නම් ඔයා එතන්ට එන්න !අමතා කරන්න එපා මේ හොයගත්ත දේවල් නම් කාටවත් කියන්න එපා !
හරි!ඔහු කලබලයෙන් මෙන් මහාචාර්ය බිරීගෙ කාමරය දෙසට ඇවිදයන්නට විය
එයාට මොකද වෙලා තියෙන්නෙ ඔච්චර කලබලෙන් යන්න ඔනේ ගමනක්යැ ඕක කොහොමත් මන් කිවුව දේවල් තේරුන් නැතුවද කොහෙද මන් දැක්කා භයෙන් වගේ බලාගෙනත් ඉන්නවා!!!රෝස් ඇල්බස් දෙස බලා සිනාසෙමින් පැවසු අතර ඒත් සමගම ඔවුන් පුස්තකාලය දෙසට පියමනින්නට විය!
ඒ යන අතරමග ඔවුන්ට ජැස්පර් සහ ජින් මුණගැසුණු අතර ඔවුන් පුදුමයෙන් මෙන් ඇ;බස් දෙස බලාසිටින්නට විය..
මොකද ඔයාලා ඔහොම බලන්නෙ?මොකක් හරි වැරද්දක් උනාද?
ඔයාගෙ කකුල සනීප උනාද ඔච්චර ඉක්මණට !ජින් ඇල්බස්ගේ කකුල දෙස බලමින් පැව්සු අතර ජැස්පර් ද ඇල්බස්ගේ කකුල දෙස බලා සිටියේය!
මොකක් ! මගෙ කකුල ඇයි ඒකට මොකද උනේ මොනවද ඔයාල කියන්නෙ?
ඇයි පීටර් ඊයෙ රෑ කිවුවේ ඔයා හීනෙන් ඇවිදල ඔයාගෙ පඩිපෙලෙන් වැටුනා කියලා එයාව අපට උදේ පාන්දර ගෙවත්ත ලගදි හම්බුනා අපි පෆිපොඩ් ඇට වලට සාත්තු කර කර ඉන්න වෙලාවේ ! එයා මාහාචාර්ය බීරී එක්ක අදුරු වානාන්තරෙ ඉදන් ආවේ ඔයාට ඔනේ කරන බෙහෙත් පැලයක් ගේන්න ගියා කියලා!මන් හිතන්නෙ ඒක හොදට වැඩ කරලා ඔයාටවත් මතක නෑ ඔයාට එහෙම දෙයක් උනාද කියලා එහෙම නේද ඇල්බස් ?
ආ ඔව් ඔව්….ඒක වැඩ කලා මට ..අ.අ..අ. දැන් ලාවට වගේ මතකයි ඒත් ටිකක් තාම රිදුම තියනවා පස්සෙ හම්බෙමු යැයි පවසමින් රෝස් සහ ඇල්බස් ඔවුන්ගෙන් සමුගත්තෙය
දෙයියන්ගේනාමෙට ඇල්බස් මම ඔයාගෙ යාලුවෙක් නෙමෙයිද කියන්න මුලින්ම ඇයි මට කිවුවෙ නැත්තෙ ඔයාට තුවාල උනා කියලා රෝස් දැඩි කේන්තියෙන් යුතුව ඇල්බස්ගෙන් ඇසීය
මම එහෙම දෙයක් දන්නෙ නෑ ඕස් මට එහෙම දෙයක් උනේ නෑ මන් හිතන්නෙ ඔය පීටර් ජින්ව රවට්ටන්න ගොතපු බොරුවක් !ඔයාට තෙරුන් නැද්ද
නෑ ඇල්බස් ඔයාට එහෙම දෙයක් උනෙ නැත්නම් අපට හිතන්න දෙයක් තියනව එකෙන් කියන්නෙ පීටර් මොකක් හරි දෙයක් කරනවා අපට හොරෙන් ඇහුන් නැද්ද ජින් කියනවා මහාචර්ය බීරී එක්ක එයා අදුරු වනාන්තරෙ ඉදන් ආවා කිවුවා ඔයාට බෙහෙත් හොයන්න ගියේ නැත්නම් එයාලා මොකටද එහෙ ඉදන් ආවේ ඔයාට තේරෙන් නැද්ද මම එදා මයිර්ටෙල් එක්ක් කතා කර කර ඉන්න වෙලාවෙත් එයා ආවා කියලා කිවුවා මතකද එයා එදත් හිටියේ ගොඩක් කලබලෙන් අනික එයා මොකටද අපේ වැසිකිලියට එන්නෙ මන් එදා හිතුවෙ එයා මාව හොයාගෙන් ආවා කියලා ඒත් දැන් මට තෙරෙනවා එයා ආවෙ වෙන කෙනෙක් වෙනුවෙන් ඒ වෙලාවෙ මම හිටපු හන්දා එයා බොරුවක් ගෙතුවා මාව හම්බෙන්න ආව කියලා ඒඑත් එක්කම ඔයා ආව නිසා මට ඒක එච්චර ගානක් උනෙත් නෑ
ඔයා හිතන්නෙ වෝල්ඩමෝට්ව ගෙන්වන්න උවමනාව තියෙන්නෙ පීටර්ට කියලද ඒත් එයා කිසිම දෙයක් ඔයා තර්න්වත් දන්නෙ නෑ රෝස් එයා වෝල්ඩමෝට්ව දැනගත්තෙත් ඔයා කිවුවාම ඔයාට මතකද!
ඔව් ඇල්බස් මම දන්නවා ඒත් ටොම්ගෙ ඩයරිය හොයාගත්තේ එයා කියන අමතක කරන්න එපා !
නෑ වෙන්න බෑ ඒක අහබුවක් රෝස් ඒ වෙලේ ඒ වලට මම වැටුනත් ඕක මට හම්බෙනවා!
නෑ ඇල්බස් කලින් වතාවත් ඔයාගෙ අම්මට ඩයරිය හම්බුන වෙලේ ඒක අහබුවෙන් කවුරු හරි දුන්නා කියලා හිතපු වැරැද්ද අපි ආයෙත් කරන්න හදන්නෙ කවුරු හරි කෙනෙක් ඉන්නවා මොකක් හරි දෙයක් සැලසුම් කරන ! මේ දෙවල් කරන්නෙ සිතාමතාමයි !
රෝස් මට තේරෙන් නෑ මොකක්ද මේ වෙන්නෙ කියලා ඒත් මම හිතන්නෙ අපි දැන් පීටර්ගෙන් ඇහුවා නම් හොදයි එයා මොනවද අද උදෙ කලේ කියලා
ඔව් ඒකත් හොදයි ඒ වගේම ඇල්බස් මතකද එල්ඩර් යශ්ටිය ගැන පොත මායා ඉතිහාසය ගැන කොටසෙන් හොයා ගත්තේ පීටර් එයා මට කිවුවේ එයාගෙ යහ්ස්ටිය ගැන හොයද්දි හම්බුනා කියලා මට හිතෙන්නෙ එයා අපට කලින්ම දැනන් හිටියා මේ දේවල් ගැන!එයා හිතලමයි එදා අපි එක්ක යාලු උනේ නේවාසිකාගාර වලට යද්දී !
රොස් මම හිතන්නෙ නැ ඔච්චර දුරට එයාව සැකකරන්න දෙයක් උනා කියලා !!අපි මුලින් එයාගෙන් අහලා ඉමු එත් සමගම රෝස් ඇස්වලින් යමක් ඇල්බස්ට පෙන්වු අතර කොරිඩෝව දිගේ වටපිට බලමින් කලබලයෙන් මෙන් පීටර් පැමිණීයෙය!
ඇල්බස් මහාචාර්ය බීරී මගෙන් ඇහුවා ටොම්ගෙ දිනපොත ගැන මම කිවුවා මම ඒක හොයා ගත්ත විදිය ඒයා කිවුවා මට ආයෙත් ඕවාගෙ අද්භූත දෙයක් හම්බුනොත් එයාට කියල ඉන්න කියලා!
ඇත්තද ? පීටර් එතකොට අද උදේ අදුරු වනාන්තරෙදි ඔයාට ඕක කියන්න වෙලාවක් තිබුනේ නැද්ද
අ…..ඇල්..අ..ඇල්බස් ඔයා මො…
Where is 13
ReplyDelete