පෝටර්ගේ ආගමනය 13
13 වෙනි කොටස
ඇල්බස් මම …මම ඒක ඔයාලට කියන්න හිටියේ !
ඇත්ත කියනවා පීටර් ඔයා මොනවද අපට වැඩිය දන්නෙ ඔයා මොනවද අපෙන් හන්ගන්නෙ ග්‍රේන්ජර් තම යශ්ටිය පීටර්ගෙන් නිකටින් තබා අසල බිත්ටියකට තද කරගත්තාය
රෝස් ඇයි ඔහොම කරන්නෙ අපි දන්නෙ නෑ ඇයි මෙයා එහෙම කලේ ඇයි !
කට වහගන්න ඇල්බස් ඔයාගෙ මෙය දැනුත් යන්න ඇත්තේ අපි කතාවුන ඒවා මහාචාර්යතුමාට කියන්න වෙන්නතී!
ග්‍රේන්ජර් මහත්මිය මම හිතන්නෙ ඔයා වැරදි කෙනාට යශ්ටිය එල්ල කරන් ඉන්නෙ ! කාගෙ හෝ සුපුරුදු කටහඩක් ඇල්බස්ගේ සහ රෝස් ගේ පිටුපසින් ඇසුණු අතර එය දුටු පීටර්ට මහත් සැනසිල්ලක් දැනුණූ බවක් ඔහුගේ ඇස්වලින් දිස්විය
ඇල්බස් ,රෝස් මන් හිතන්නෙ දැන් ඔයාලා නේවාසිකාගාර වලට ගියා නම් හොදයි මොකද මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා අපේ පාලනයෙන් තොරව!අපි හැරි පෝටර් මහත්තයට රොන් වීස්ලි මහත්තයට වගේම හර්මයිනි මහත්මියටත් බස්සො පිටත් කලා මන් හිතන්නෙ එයාලා තව ටිකකින් එයි ඒ ආපුවම මෙ ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න පුලුවන්!! ඒ යන අතරතුර පීටර් ඔයාලට ඒ දන්න දේ ඵැහැදිලි කරයි!
ඒත් මහාචාර්යතුමණී පීටර් අපට බොරු කලා !!රෝස් නැවතත් තම යශ්ටිය පීටර් දෙසට දිගු කලේය !
රෝස් ඇතුලාන්තය බලන්නෙ නැතුව කාවවත් කවදාවත් මතුපිටින් බලලා සැක කරන්න එපා සමහරවිට ඔයා දකින පැත්ත වැරදි වෙන්නති
ඔව් මහාචාර්යතුමනි වැරදි ඇති!!!! හරියට මැරුණු ඇරගොග් නැවත ඇවිදින් පහර දෙනවා වගේ ! හිපොග්‍රිෆ් කෙනෙක් ගැන කියලා නිතරම මැජික් අමාත්‍යංශයට බස්සො යවනවා වගේ ?රෝස් දැඩි කෝපයෙන් මහාචාර්යතුමා වෙත තම වචන දිගු කරන්නට විය!
රෝස්!කරණාකරලා අපි යමු දැන් ඔහොම කතා කරන්න එපා! ඇල්බස් රෝස් දෙස බලා අයාචනාත්මක ලෙස පැවසුවේය
නෑ ඇල්බස් එයා හරි මම ඔයාලා හැමෝටම බොරු කිවුවා! ඇරගොග් මැරුනා!ඒ දැන් ගොඩක් කල් !
ඇල්බස්ගේ හිස දැඩි ලෙස රිදුම් දෙන්නට විය !නැවතත් වේදනාත්මක හඩ ඇල්බස්ගේ කන් තුලින් එහා මෙහා යන්නට විය! පෝටර් ! පෝටර් මම ලහදිම එනවා! ලෑස්ති වෙලා ඉදපන් !පෝටර්!!!!!!!!1
නෑ මම උබට එන්න දෙන්නෙ නෑ !ඇල්බස් මහ හඩින් කෑ ගසන්නට වූ අතර ඒ සමගම ඔහු ක්ලාන්ත විය !
ඔහුට සිහිය එනවිට ඔහු සිටියේ රෝහලෙ ඇදක් උඩය ඒ දෙපස හැග්‍රිඩ් සහ ලෝන්බොටම් මහාචාර්යතුමලා මෙන්ම රෝස් සහ් පිටර් ද විය!
ඇල්බස් ඇයි අපිව දැනුවත් කලේ නැත්තෙ කටහඩවල් ගැන ඇයි එහෙම දෙයක් අපෙන් හැංගුවේ!!හැග්‍රිඩ් මහාචාර්යතුමා තම යටි රැවුල පිරිමදිමින් ඇසීය හැග්‍රිඩ් දුටු මහාචාර්ය ලෝංබොටම් හට තම අතීතය මතක් විය හැග්‍රිඩ් දැන් ඔහුට දිස්වන්නෙ මහාචාර්ය ඩම්බල්ඩෝර් මෙනි!අතීතයේ හැග්‍රිඩ් ගෙ තිබු කලබලකාරී ස්වභාවය දැන් හැග්‍රිඩ් තුල නැත ඔහු දැන් ඉතා නිවුණු අයෙකි ඒ වගේම ඔහු සෑම දෙයක් පිලිබදම ඇතුළාන්තයෙන් සිතන කෙනෙකි නමුත් ඔහු කිසිදා තමා උසස් ලෙස නොසලකන්නෙ ඔහුට ඩම්බල්ඩෝර් තරම් හොදට ප්‍රශ්න වලට මුහුණදීමට නොහැකි නිසා විය හැක !
අනිවාරෙයෙන්ම අතීතය සිද්ද වෙනවා හැග්‍රිඩ් ! ලෝංබොටම් තම අතීත ආවර්ජනයෙන් මිදි එකවර පැවසීය!
මහාචාර්යතුමණී ඇල්බස් ඇතුලේ හොක්‍රොස් එකක් තියනවා ද ??රෝස් ඇසු දෙයින් මහාචාර්ය නෙවිල් පුදුමවිය නමුත් හැග්‍රිඩ් මුව අග සිනාව්ක් ඇතුව
රෝස් මම දැනන් හිටියා ඔබ තුන්දෙනා මේ ගැන සොයා ගනි කියලා නමුත් මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට හැමදේම වෙයි කියලා මන් හිතන්නෙ ඊට කලින් පීටර්ට අපිට කියන්න කතාවක් තියනවා!හැග්‍රිඩ් පීටර් දෙස බලමින් පැව්සීය
ඇල්බස් දෙස බලාසිටි පීටර් තම කතාව ආරම්භ කලේ ඇද මතට දමා තිබු රෙද්ද තම අතින් පිරිමදින ගමන්‍ය ඔහු තනිකරම වරදක් කල මහාචාර්ය කෙනෙකුට අසුවුණු සිසුවෙකු මෙන් දිස්විය!
මම පාසලට එන්න කලින් ඉදන්ම මට බස්සො එනවා!අතීතය උපද්දවන්න ඔබව සාදරයෙන් පිලිගන්නවා කියලා!ඒ වගෙ රෝස් සහ ඇල්බස් කියලා සදහන් වෙලා තිබුණා ඒ වගේම අපි සමග සිටින්න සියල්ල එකිනෙකා අතර රහසක් කියලත් ඒවගෙ තිබුණ! මම පාසලට ආවම ඔයල දෙන්නව හෙව්වා එදා නෙවාසිකාගාරෙ ලගදි මම ඔයාලා එක්ක කතා කලේ එහෙමයි!
මං ඔයාලගෙන් ලියුම් ගැන අහන්න හිතුවා ඒත් සියල්ල එකිනෙකා අතර රහසිගතයි කිවුව නිසයි මං ඇහුවෙ නැත්තෙ මන් හිතුවා ඔයාලා මගෙ විශ්වාසය ගැන තවුරු කරගන්නව කියලා!
මං ඔයාලගෙන් ලියුම් ගැන අහන්න හිතුවා ඒත් සියල්ල එකිනෙකා අතර රහසිගතයි කිවුව නිසයි මං ඇහුවෙ නැත්තෙ මන් හිතුවා ඔයාලා මගෙ විශ්වාසය ගැන තවුරු කරගන්නව කියලා!
ඊයෙ රාත්‍රියෙත් මට කවුරු හරි ලියුමක් තියලා තිබ්බා අවශ්‍ය නම් උදෑසනම අදුරු වනාන්තරයට පැමිනෙන්න අතීය උපැද්දවීමට ඔබත් අවශ්‍යයි යනුවෙන් !මන් හිතුවෙ ඔයාල මට දැන් මේ දේවල් කියයි කියලා මොකද අපි ඒ වෙනුවට ගොඩක් දේවල් හොයාගෙන හිටියේ!ඒත් මන් එහෙම් ගියාම හිටියේ මහචාර්ය බිරී විතරයි ඔහු මගෙන් ඇහුවා ඇයි මේ පාන්දර මෙහෙ ආවේ කියලා!මටඑක පාරටම මතක් උනේ ඔයාව ඇල්බස් මම ඒ හන්දා එතුමට කිවුවා ඔයාගෙ කකුල කැඩිලා බෙහෙත් පලැටියක් හොයන්න ආවා කියලා ඔහු මන් දිහා සැකෙන් වගේ ඒ වෙලාවෙ බැලුව හන්දා මමත් එයා මොකද මෙහෙ කරන්නෙ ඇහුවාම එයා කිවුවා එයාගෙත් කකුලේ ආබාදයක් උනා කියලා ඊයෙ ක්ව්ඩ්ච් පුහුණුවෙදි ! ඔහු ඒ වෙලේ මට බෙහෙත් පැලෑට් හොයලා දුන්නා මාත් එක්කම ආයෙත් එනකොට තමයි ජිනුයි ජැස්පරුයි හම්බුණේ මම හිතන්නෙ එයාලා තමයි ඔයාට කියන්න ඇත්තේ!
මං දන්නෙ නෑ වෙන කිසි දෙයක් ඇල්බස් දෙයියන්පා මම දන්නෙ නැ මේ මම දන්න සේරම මම ඔයාලට ද්‍රෝහි උනේ නෑ !!
ඇත්තද එතකොට කලබලයෙන් නානකාමර දිහාට ආවෙ ඇයි කියනවා මමයි මයිර්ටෙලුයි කතා කරන වෙලාවෙ !
මම හිතන්නෙ රෝස් මට ඒකට ඔයාට දෙන්න උත්තරයක් තියනවා හැග්‍රිඩ් ඇල්බස් ගෙ හිස අතගාමින් පැවසීය!
රෝස් ටොම්ගෙ දිනපොත කියන්නෙ විනාශවුන හොක්‍රොස් එකක් ඇල්බස් කියන්නෙ ජීවත් වෙන බලහීන හොක්‍රොස් එකක් ! ජිනී කියන්නෙත් තවත් ඒ වගේම බල හීන හොක්‍රොස් එකක් මේ දෙවල් වල බලපැමෙන් නැවතත් කෙනෙකුට උපදින්න ක්‍රම තියනවා ඒත් ඒවා ගොඩක් අමාරු ක්‍රම ඒ වගේම ඒවාට තව බල හීන කෙනෙක් යම්තාක් දුරට පාලනය කරන්න පුලුවන් දැන් ඔය කියන විදියට පීටර් නානකාමර වලට ඇවිල්ලා තියෙන්නෙ ඇල්බස් කියපු නිසා ඒ කියන්නෙ ඇල්බස් ඇතුලේ තියන බල හීන හොක්‍රොස් එක කිසියම් ආකරයක උඩට පැමිණීමක් වෙලා තියනවා මම හිතන්නෙ ඇල්බස් තමයි කියලා තියෙන්නෙ පීටර්ට එහෙම නේද පීටර්
ඔව් මහාචර්යතුමනි මට ඒක ඇහුනේ කටහඩක් විතරයි පීටර් මාව හම්බෙන්න නානකාමරෙදි එච්චරයි ඒත් මම එහෙ යනවෙලේ හිටියේ රෝස් විතරයි!
මම හිතුවෙ ඒක මට නිකන් හිතුන දෙයක් කියලා ඒ ගැන වැඩිය මම හිතුවෙ නැහැ
මහාචාර්යතුමනී මහාචාර්යතුමනි නැවතත් පහරදීමක්!!!!! !!!!!!ග්‍රිෆෙන්ඩෝර් ක්විඩ්ච් කණ්ඩායම් නායක ෆ්ලැමෙල් සහ ස්ලිදරින් පලමු වසරේ මැල්ෆෝයී අතුරුදහන් !වෙලා මන් හිතන්නෙ කණ්ඩායම ආයිත් ඇවිල්ලා මහාචාර්යතුමණී අව්සන් සටනෙන් උන් නැවතිලා නැහැ !!යැයි කෑමොර දෙමින් ඩියැග්‍රොරි රෝහල වෙත පැම්ණියේය !!!!නමුත් එහි සිටි ඇල්බස් දුටු ඔහු තුෂ්ණිම්භූත විය
අ,,..ඔ..ඇ..මන් හිතන්නෙ හැගිඩ් ආයිත් ඇරගොග් පහරදෙන්න පටන් අරන් !!ඩියැග්‍රොරිගෙ වචන පැටලෙන්නට විය
නෑ ඩියැග්‍රොරි ඔවුන් දන්නවා ගොඩක් දේවල් මන් හිතන්නෙ දැන් ඔහොම කියන එකේ කිසි තෙරුමක් නැහැ!
මොකක් නොබිදුණූ වාක්‍ය ගැන ඔවුන් දැනගෙනද ???අතීතය ගැන ??කවුද ඒ කෙනා ?? මටත් කියන්න ඩියැග්‍රොරි හැග්‍රිඩ්ගෙන් ඇසුවේ අවුරුදු ගනනක් තමන් දැනගැනීමට සිටි දෙයක් දැනගැනීමට ලැහැස්ති වෙන ආකරයෙනි!
මන් හිතන්නෙ ඩියැග්‍රොරි ඒකට නම් උත්තරයක් නැතුව ඇතී ඒත් වාක්‍ය ඇත්ත වෙනවා
Comments
Post a Comment